Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙናፊቁን   አንቀጽ:

අල් මුනාෆිකූන්

ከመዕራፉ ዓላማዎች:
بيان حقيقة المنافقين والتحذير منهم.
කුහකයින්ගේ යථාර්ථය පැහැදිලි කිරීම හා ඔවුන්ගෙන් ප්රවේසම් වීම.

اِذَا جَآءَكَ الْمُنٰفِقُوْنَ قَالُوْا نَشْهَدُ اِنَّكَ لَرَسُوْلُ اللّٰهِ ۘ— وَاللّٰهُ یَعْلَمُ اِنَّكَ لَرَسُوْلُهٗ ؕ— وَاللّٰهُ یَشْهَدُ اِنَّ الْمُنٰفِقِیْنَ لَكٰذِبُوْنَ ۟ۚ
අහෝ දූතය! ඉස්ලාමය මතුපිටින් පෙන්වා, දේව ප්රතික්ෂේපය සඟවා ගෙන සිටින කුහකයින් නුඹේ සභාවට පැමිණි විට ඔවුහු, ‘අල්ලාහ්ගේ දූතයාණන් සත්ය බව අපි සාක්ෂි දරමු.’ යැයි පවසති. සැබැවින්ම නුඹ සත්යක් බව අල්ලාහ් දනී. නුඹ සැබැවින්ම ඔහුගේ දූතයා බව ඔවුන්ගේ හදපත්ලෙන්ම සාක්ෂි දරන බවට කුහකයින් කරන වාදයෙහි සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِتَّخَذُوْۤا اَیْمَانَهُمْ جُنَّةً فَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
දේව විශ්වාසය ගැන ඔවුන් වාද කරමින් ඒ මත දිවුරා සිටින ඔවුන්ගේ දිවුරුම් ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගතවීමෙන් ආරක්ෂා වීමක් ලෙස හා ආවරණයක් ලෙස ඔවුහු යොදා ගත්තෝය. සැකය හා ව්යාකූලත්වය විකාශනය කරමින් ජනයා දේව විශ්වාසයෙන් හැරෙව්වෝය. ඔවුන් ක්රියාත්මක කරමින් ආ කුහකත්වය ව්යාජ විශ්වාසය ඉතා පිළිකුල් සහගතය; නපුරුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِاَنَّهُمْ اٰمَنُوْا ثُمَّ كَفَرُوْا فَطُبِعَ عَلٰی قُلُوْبِهِمْ فَهُمْ لَا یَفْقَهُوْنَ ۟
සැබැවින්ම එය ඔවුන් කුහක ලෙස විශ්වාස කළ හේතුවෙනි. ඔවුන්ගේ හදවත් තුළට දේව විශ්වාසය සේන්දු වූයේ නැත. පසු ව ඔවුහු රහසින් අල්ලාහ්ව ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගේ හදවත් මත ඔහු මුද්රා තැබීය. එහෙයින් එතුළට දේව විශ්වාය පිවිසෙන්නේ නැත. එම මුද්රාව හේතුවෙන් ඔවුනට යහපත් වන දෑ හා ඔහුට මඟපෙන්වන දෑ ඔවුන් වටහා නොගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا رَاَیْتَهُمْ تُعْجِبُكَ اَجْسَامُهُمْ ؕ— وَاِنْ یَّقُوْلُوْا تَسْمَعْ لِقَوْلِهِمْ ؕ— كَاَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ ؕ— یَحْسَبُوْنَ كُلَّ صَیْحَةٍ عَلَیْهِمْ ؕ— هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ ؕ— قَاتَلَهُمُ اللّٰهُ ؗ— اَنّٰی یُؤْفَكُوْنَ ۟
අහෝ අධීක්ෂණය කර බලන්නනි! ඔවුන් තුළ ඇති දැකුම්කළුභාවය හා සැප පහසුකම් හේතුවෙන් ඔවුන්ගේ ස්වරූපය හා හැඩරුව නුඹව පුදුමයට පත් කරනු ඇත. ඔවුන් කතා කරන්නේ නම් ඔවුන්ගේ කතාව තුළ රසාස්වාදයක් ඇති බැවින් එම කතාවට නුඹ සවන් දෙනු ඇත. අහෝ දූතය! සැබැවින්ම ඔවුන් නුඹේ සභාවෙහි හේත්තු කර තබා ඇති කොටන් මෙනි. කිසිවක් වටහා නොගන්නා අතරම ඒ සඳහා උදව් කරන්නේ ද නැත. ඔවුන් තුළ පවතින බියගුලුකම නිසා සෑම හඬක්ම ඔවුන්ව ඉලක්ක කර ගනිමින් පවසන්නේ යැයි සිතති. සැබෑ සතුරෝ ඔවුහුමය. අහෝ දූතය! ඔවුන් නුඹට රහස් හෙළි කිරීම හෝ නුඹට යම් කුමන්ත්රණයක් කිරීම ගැන ප්රවෙසම් වනු. අල්ලාහ් ඔවුනට ශාප කළේය. දේව විශ්වාසයේ සාධක පැහැදිලි කිරීමෙන් හා එහි සාක්ෂි නිරූපණය කිරීමෙන් පසු ඔවුන් එම විශ්වාසයෙන් වෙනතකට හැරෙනුයේ කෙසේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب السعي إلى الجمعة بعد النداء وحرمة ما سواه من الدنيا إلا لعذر.
•ජුමුආ සලාතය සඳහා ඇරයුම් කිරීමෙන් පසු ඒ වෙත යුහුසුළු ව යෑමේ අනිවාර්යභාවය. ඒ හැර නිදහසට කරුණු දැක්විය හැකි හේතුවක් සඳහා මිස වෙනත් දෑ කිරීමේ තහනම.

• تخصيص سورة للمنافقين فيه تنبيه على خطورتهم وخفاء أمرهم.
•මෙම සූරාව කුහකයින් සඳහා විශේෂගත කොට ඇත. එහි ඔවුන්ගේ වැරදි හා ඔවුන්ගේ කටයුතු තුළ සැඟ වී ඇති දෑ දැනුම්වත් කර සිටියි.

• العبرة بصلاح الباطن لا بجمال الظاهر ولا حسن المنطق.
•බාහිරයෙන් පෙනෙන අලංකාරයෙන් හෝ සිත්ගන්නා සුළු කතාවෙන් නොව අභ්යන්තරයේ පවතින යහපත් දැයින් පාඩම් ලැබීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙናፊቁን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት