Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (73) ምዕራፍ: አል-አንዓም
وَهُوَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ؕ— وَیَوْمَ یَقُوْلُ كُنْ فَیَكُوْنُ ؕ۬— قَوْلُهُ الْحَقُّ ؕ— وَلَهُ الْمُلْكُ یَوْمَ یُنْفَخُ فِی الصُّوْرِ ؕ— عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ ؕ— وَهُوَ الْحَكِیْمُ الْخَبِیْرُ ۟
සැබෑ ලෙස අහස් හා මහපොළොව මැවූ අල්ලාහ් සුවිශුද්ධය. අල්ලාහ් යම් දෙයකට ‘වනු’ යැයි පවසන දින එය සිදුවන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැගිටිනු යැයි පවසන අවස්ථාවේ ඔවුන් සියලු දෙනා නැගිටිනු ඇත. ඔහුගේ ප්රකාශය සැබෑවකි. එය කිසිදු සැකයකින් තොරව සිදුවනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දෙවන හොරණෑව ඉස්රාෆීල් (අලය්හිස් සලාම්) තුමා විසින් පිඹින අවස්ථාවේ සියලු බලය සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් සතු වන්නේය. ඔහු ගුප්ත දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම දෘශ්යමාන දෑ පිළිබඳවත් දන්නාය. ඔහුගේ මැවීම් හි හා ඔහුගේ සැලසුම් හි ඔහු මහා ප්රඥාවන්තය. ඔහු සියලු තොරතුරු දන්නාය. ඔහුගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. තවද ඔහු ඉදිරියේ කරුණු වල අභ්යන්තරය ඒවායෙහි මතුපිටින් ඇති දෑ මෙන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الداعية إلى الله تعالى ليس مسؤولًا عن محاسبة أحد، بل هو مسؤول عن التبليغ والتذكير.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා කිසිවකු පිළිබඳ විනිශ්චයක් ඔහුගෙන් විමසනු නොලබන්නේය. ඔහුගෙන් විමසනු ලබනුයේ ඔහුගේ ප්රචාරය හා මෙනෙහි කිරීම පිළිබඳවය.

• الوعظ من أعظم وسائل إيقاظ الغافلين والمستكبرين.
•නොසැලකිල්ලෙන් හා අහංකාරයෙන් පසුවන්නන් අවදි කිරීමේ වැදගත්ම මාර්ගයක් වනුයේ උපදෙස් දීමය.

• من دلائل التوحيد: أن من لا يملك نفعًا ولا ضرًّا ولا تصرفًا، هو بالضرورة لا يستحق أن يكون إلهًا معبودًا.
• කිසිදු ඵලක් හෝ හානියක් හෝ වෙනස් කිරීමක් හෝ සිදු කළ නොහැකි අය නැමදුමට සුදුසු දෙවියකු වීමට කිසිදු සුදුසුකමක් නොමැත. එය ඒක දේව වාදයේ සාධක අතරින් එකකි.

 
የይዘት ትርጉም አንቀጽ: (73) ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት