Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐዲድ   አንቀጽ:
وَالَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَرُسُلِهٖۤ اُولٰٓىِٕكَ هُمُ الصِّدِّیْقُوْنَ ۖۗ— وَالشُّهَدَآءُ عِنْدَ رَبِّهِمْ ؕ— لَهُمْ اَجْرُهُمْ وَنُوْرُهُمْ ؕ— وَالَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَاۤ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَحِیْمِ ۟۠
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් ද ඔවුන් අතර කිසිදු වෙනසකින් තොර ව විශ්වාස කළවුන් වනාහි, ඔවුහුමය සත්යවාදීහු. එමෙන්ම ඔවුන්ගේ පරමාධිපති අබියස දිවි පිදූවෝ. ඔවුන් වෙනුවෙන් සූදානම් කරන ලද ගෞරවනීය ප්රතිඵල ඔවුනට සතුය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ඉදිරියේ හා ඔවුනට දකුණතින් දිව යන ඔවුන්ගේ ආලෝකය ද ඔවුනට සතුය. අල්ලාහ්ව හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කොට, අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, ඔවුන්මය නිරයෝ සගයෝ වන්නේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු එහි පිවිස සදා වෙසෙති. ඉන් බැහැර නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِعْلَمُوْۤا اَنَّمَا الْحَیٰوةُ الدُّنْیَا لَعِبٌ وَّلَهْوٌ وَّزِیْنَةٌ وَّتَفَاخُرٌ بَیْنَكُمْ وَتَكَاثُرٌ فِی الْاَمْوَالِ وَالْاَوْلَادِ ؕ— كَمَثَلِ غَیْثٍ اَعْجَبَ الْكُفَّارَ نَبَاتُهٗ ثُمَّ یَهِیْجُ فَتَرٰىهُ مُصْفَرًّا ثُمَّ یَكُوْنُ حُطَامًا ؕ— وَفِی الْاٰخِرَةِ عَذَابٌ شَدِیْدٌ ۙ— وَّمَغْفِرَةٌ مِّنَ اللّٰهِ وَرِضْوَانٌ ؕ— وَمَا الْحَیٰوةُ الدُّنْیَاۤ اِلَّا مَتَاعُ الْغُرُوْرِ ۟
නුඹලා දැනගනු! සැබැවින්ම මෙලොව ජීවිතය යනු ශරීර සෙල්ලම් කරන කෙළි දෙළකි. හදවත් විනෝදයට පත් වන හාස්යයකි. අලංකාරය ඉස්මතු කර පෙන්වන අලංකාරයකි. බලය හා වස්තුව පිළිබඳ ඔබ අතර පුරසාරම් දොඩන්නකි. අධික ධනය හා අධික දරුවන් තුළින් ඉහවහා යන්නකි. එය ගොවියා ඔහුගේ පැලෑටි දැක පුදුම කරවන වර්ෂාව මෙනි. පසුව මෙම කොළවර්ණැති පැලෑටි වේළී යනු ඇත. අහෝ නිරීක්ෂාවෙන් බලන්නනි! එය කොළපැහැ ගැන්වීමෙන් පසු කහ බවට පත් වනු නුඹ දකිනු ඇත. පසුව එය කඩා දැමිය හැකි කැබැලි බවට අල්ලාහ් පත් කරයි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකයින්හට මතුලොවෙහි දැඩි දඬුවමක් ඇත. අල්ලාහ්ගේ විශ්වාසී ගැත්තන්ගේ පාපකම් වලට ඔහුගෙන් වූ සමාව ඇත. එමෙන්ම තෘප්තිය ද ඇත. මෙලොව ජීවිතය යනු පැවැත්මක් නැති ඉතා පහත් බුක්ති විඳීමක් මිස නැත. මතුලොව සුවපහසුකම්වලට වඩා කවරෙකු මෙලොවෙහි පහත් වින්දනය තෝරා ගත්තේද ඔහු ඉතා නින්දිත අලාභවන්තයෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَابِقُوْۤا اِلٰی مَغْفِرَةٍ مِّنْ رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَآءِ وَالْاَرْضِ ۙ— اُعِدَّتْ لِلَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَرُسُلِهٖ ؕ— ذٰلِكَ فَضْلُ اللّٰهِ یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
අහෝ ජනයිනි! නුඹලාගේ පාපකම් සඳහා සමාව ලැබිය හැකි තව්බාව හා ඔහු වෙත සමීප කරවන වෙනත් දැහැමි ක්රියාවන් ඉටු කිරීමට තරග වඳිනු. එමගින් අහස හා පොළොව තරම් විශාලත්වයෙන් යුත් උයනක් නුඹලා ලබනු ඇත. එම ස්වර්ග උයන අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුනට ඔහු සූදානම් කර ඇත්තේය. එම ප්රතිඵලය අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට ඔහු පිරිනමයි. ශුද්ධවන්ත අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් හට අතිමහත් සේ භාග්ය දානය කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اَصَابَ مِنْ مُّصِیْبَةٍ فِی الْاَرْضِ وَلَا فِیْۤ اَنْفُسِكُمْ اِلَّا فِیْ كِتٰبٍ مِّنْ قَبْلِ اَنْ نَّبْرَاَهَا ؕ— اِنَّ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟ۙ
නියගය හෝ එවැනි වෙනත් යම් ව්යසනයක් මහපොළොවෙහි මිනිසාට අත්වන්නේ නම් හෝ ඔවුන් තුළම යම් අභාග්යයක් ඔවුනට අත්වන්නේ නම් හෝ එය සියලු මැවීම් මැවීමට පෙරම සුරක්ෂිත ඵලකයේ සඳහන්ව තිබුණාක් මිස නැත. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّكَیْلَا تَاْسَوْا عَلٰی مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوْا بِمَاۤ اٰتٰىكُمْ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُوْرِ ۟ۙ
අහෝ ජනයිනි! එය නුඹලාට මග හැරෙන දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසය. එමෙන්ම නුඹලාට පිරිනමන ලද දෑ ගැන ඉහවහා ගොස් ප්රීති නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් විසින් පිරිනැමූ දෑ ගැන ජනයා අතර උඩඟුවෙන් හා අහංකාරයෙන් පුරසාරම් දොඩමින් ගමන් කරන සෑම කෙනෙකුටම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْنَ یَبْخَلُوْنَ وَیَاْمُرُوْنَ النَّاسَ بِالْبُخْلِ ؕ— وَمَنْ یَّتَوَلَّ فَاِنَّ اللّٰهَ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟
වියදම් කිරීමට අනිවාර්යය කටයුතු සඳහා වියදම් කිරීමෙන් මසුරු වී, මසුරුකම පිළිබඳ වෙනත් අයටද නියෝග කරන්නන් වනාහි, ඔවුහු පරාජිතයෝ වෙති. අල්ලාහ්ට අවනත වීමෙන් කවරෙකු හැරෙන්නේ ද, ඔහු අල්ලාහ්ට කිසිදු ආකාරයකින් හානියක් ගෙන දෙන්නේ නැත. එසේ හානිකර ගනුයේ ඔහුටමය. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගැත්තන්ට යටත් වීමට කිසිදු අවශ්යතාවක් නැත. සියලු තත්ත්වයන්හිම ඔහු ප්රශංසනීයය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الزهد في الدنيا وما فيها من شهوات، والترغيب في الآخرة وما فيها من نعيم دائم يُعينان على سلوك الصراط المستقيم.
•මෙලොව ජීවිතය හා එහි ඇති ආශාවන්ගෙන් දුරස් වීමත් මතුලොව හා එහි සදා පවත්නා සුවපහසුකම් පිළිබඳ දිරි ගැන්වීමත් යන දෙකම ඍජු මාර්ගයේ පිහිටීමට උපකාර වන්නේය.

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය.

• من فوائد الإيمان بالقدر عدم الحزن على ما فات من حظوظ الدنيا.
•පෙර නියමය පිළිබඳ විශ්වාසය තුළින් ලැබෙන ප්රතිඵල වනුයේ මෙලොවෙ හිමිවිය යුතු කොටස් ඔහුට මගහැරීම ගැන දුක තුරන් වී යාමයි.

• البخل والأمر به خصلتان ذميمتان لا يتصف بهما المؤمن.
•මසුරුකම හා ඒ ගැන නියෝග කිරීම යන කරුණු දෙකම දේව විශ්වාසියා සම්බන්ධයෙන් වර්ණනා නොකළා වූ ඉතා පහත් කරුණු දෙකකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐዲድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት