Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቀመር   አንቀጽ:
خُشَّعًا اَبْصَارُهُمْ یَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ كَاَنَّهُمْ جَرَادٌ مُّنْتَشِرٌ ۟ۙ
ඔවුන්ගේ බැල්ම පහත වැටී තිබේ. ඔවුන් මිණීවලවල්වලින් බැහැර වී විනිශ්චයේ ස්ථානය වෙත පිය නැගීම විසිරී යන පළගැටියන් මෙන් පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُّهْطِعِیْنَ اِلَی الدَّاعِ ؕ— یَقُوْلُ الْكٰفِرُوْنَ هٰذَا یَوْمٌ عَسِرٌ ۟
එම ස්ථානය වෙත කැඳවන්නා වෙත ඔවුන් වේගයෙන් පැමිණෙයි. එහි ඇති බිහිසුණුකම් හා අර්බුධ හේතුවෙන් ‘මෙදින ඉතා දුෂ්කර දිනයකි’ යැයි දේව ප්රතික්ෂේපකයෝ පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ فَكَذَّبُوْا عَبْدَنَا وَقَالُوْا مَجْنُوْنٌ وَّازْدُجِرَ ۟
අහෝ දූතය! නුඹේ ඇරයුම බොරු කළ මොවුනට පෙර නූහ්ගේ ජනයා ද ඔහුව බොරු කළෝය. අපගේ ගැත්තෙකු වූ නූහ් අලයිහිස් සලාම් තුමාව ඔවුන් වෙත අප එවූ කල්හි, ඔවුහු අපගේ ගැත්තාව බොරු කළෝය. ඔහු ගැන: ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි ඔවුහු පැවසූහ. ඔවුනට කරන ප්රචාරය ඔහු අත් නොහළ විට බැණ වදිමින්, දොස් නගමින්, තර්ජනය කරමින් ඔවුහු එතුමාට තරවටු කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَدَعَا رَبَّهٗۤ اَنِّیْ مَغْلُوْبٌ فَانْتَصِرْ ۟
‘සැබැවින්ම මාගේ ජනයා මා අබිබවා ගොස් ඇත. මට ඔවුන් පිළිතුරු දුන්නේ නැත. එහෙයින් ඔවුන් වෙත දඬුවමක් පහළ කොට ඔවුන්ගෙන් මට ජය ලබා දෙනු මැනව!’යි පවසමින් නූහ් තුමා ඔහුගේ පරමාධිපතිට කණ්ණලව් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَفَتَحْنَاۤ اَبْوَابَ السَّمَآءِ بِمَآءٍ مُّنْهَمِرٍ ۟ؗۖ
එවිට අඛණ්ඩව කඩා හැළෙන ජලයෙන් අපි අහසේ දොරටු විවෘත කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّفَجَّرْنَا الْاَرْضَ عُیُوْنًا فَالْتَقَی الْمَآءُ عَلٰۤی اَمْرٍ قَدْ قُدِرَ ۟ۚ
මහපොළවේ පැළීම් ඇති කළෙමු. එවිට ජලය ගලා යන උල්පත් හට ගැණින. ඔවුන් අවමානයට පත් කිරීම සඳහා අල්ලාහ් සැලසුම් කළ පෙර නියමයට අනුව අහසින් වැටෙන ජලය මහපොළවෙන් උනන ජලය සමග එකතු විය. අල්ලාහ් මුදවා ගත් අය හැර සෙසු සියල්ලන්ම ජලයේ ගිලුණෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَحَمَلْنٰهُ عَلٰی ذَاتِ اَلْوَاحٍ وَّدُسُرٍ ۟ۙ
ලෑලි සහ ඇනවලින් යුත් නැවක් මත අපි නූහ්ව උසුළා ඔහු සහ ඔහු සමග සිටියවුන් ජලයේ ගිලීමෙන් අපි මුදවා ගත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَجْرِیْ بِاَعْیُنِنَا جَزَآءً لِّمَنْ كَانَ كُفِرَ ۟
අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ එකිනෙකට පෙරළා ගසන ජල රළ අතරින් එම නැව යාත්රා විය. එය නූහ් තුමාව බොරු කළ, එතුමා කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය ප්රතික්ෂේප කළ, තම සමූහයාට පරාජයක් හා නූහ්ට ජයග්රහණයක් ලෙසිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ تَّرَكْنٰهَاۤ اٰیَةً فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟
කවර කරුණකින් අප ඔවුනට දඬුවම් කළේ ද එය පාඩමක් හා ආදර්ශයක් වශයෙන් අපි එය අතහැර දැමුවෙමු. එමගින් පාඩම් ලබන කිසිවෙකු හෝ වෙත් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَیْفَ كَانَ عَذَابِیْ وَنُذُرِ ۟
බොරු කාරයින් හට මාගේ දඬුවම කෙසේ වී ද? මා ඔවුන් විනාශ කර දමමින් කළ අවවාදය කෙසේ වී ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ یَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟
මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ عَادٌ فَكَیْفَ كَانَ عَذَابِیْ وَنُذُرِ ۟
ආද් සමූහයා හූද් (අලයිහිස් සලාම්) තුමාව බොරු කළෝය. ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّاۤ اَرْسَلْنَا عَلَیْهِمْ رِیْحًا صَرْصَرًا فِیْ یَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ ۟ۙ
සැබැවින්ම ඔවුන් නිරය වෙත කැටුවාගෙන එන අභාග්යවන්ත කම හා නපුර ඔවුන් සමග නිරන්තරයෙන් පවතින දිනයක දැඩි සීත සහිත මහා සුළඟක් ඔවුන් වෙත අපි එව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَنْزِعُ النَّاسَ ۙ— كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ مُّنْقَعِرٍ ۟
එය මිනිසුන් මහපොළොවෙන් උගුලා, ඔවුන්ගේ හිස් මත වීසි කර දැමීය. එය රට ඉඳි මුල රෝපණය වී ඇති තැනින්ම උගුලා දමන්නක් මෙන් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَیْفَ كَانَ عَذَابِیْ وَنُذُرِ ۟
එවිට ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ یَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟۠
මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ ثَمُوْدُ بِالنُّذُرِ ۟
සමූද් ජනයා වෙත සාලිහ් (අලයිහිස් සලාම්) තුමා කළ අවවාදය ඔවුන් බොරු කර සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَالُوْۤا اَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهٗۤ ۙ— اِنَّاۤ اِذًا لَّفِیْ ضَلٰلٍ وَّسُعُرٍ ۟
ඔවුන් හෙළා දකිමින්, ‘අපගේ ජාතියෙන් වූ මිනිසෙකු අපි අනුගමනය කරන්නෙමු ද? මේ තත්ත්වයේ සැබැවින්ම අපි ඔහුව අනුගමනය කළේ නම් එවිට නිවැරදි භාවයෙන් දුරස්ව එයින් හැරී දැඩි දුෂ්කරතාවය මත පසුවන්නට සිදු වේ’ යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ءَاُلْقِیَ الذِّكْرُ عَلَیْهِ مِنْ بَیْنِنَا بَلْ هُوَ كَذَّابٌ اَشِرٌ ۟
අප සියලු දෙනා හැර දමා ඔහු තනි පුද්ගලයෙකුව සිටිය දී ඔහුව පමණක් විශේෂ කොට ඔහු වෙත දේව පණිවිඩ පහළ වූයේ ද?! නැත! ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَیَعْلَمُوْنَ غَدًا مَّنِ الْكَذَّابُ الْاَشِرُ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගර්වයෙන් යුත් මහා බොරුකාරයා සාලිහ් ද නැතහොත් ඔවුන් දැයි ඔවුන් මතු දැනගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا مُرْسِلُوا النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ ۟ؗ
සැබැවින්ම අපි ඔටු දෙන ගල් පර්වතයෙන් බැහැර කරන්නන් වෙමු. ඔවුනට ඌ පරීක්ෂණයක් ලෙස එවන්නෙමු. අහෝ සාලිහ්! ඔවුන් ඌට සිදු කරනුයේ කුමක් දැයි ද, ඔවුන් තුළින් ඌට සිදුවනුයේ කුමක් දැයි ද අධීක්ෂණයෙන් බලා සිටිනු. ඔවුන්ගේ හිංසාවන් ඉවසීමෙන් දරා ගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشروعية الدعاء على الكافر المصرّ على كفره.
•දේව ප්රතික්ෂේපය මත නිරත ව සිටින දේව ප්රතික්ෂේපකයාට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි.

• إهلاك المكذبين وإنجاء المؤمنين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කර දමා, දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි.

• تيسير القرآن للحفظ وللتذكر والاتعاظ.
•උපදෙස් ලබන්නටත්, මෙනෙහි කරන්නටත් කටපාඩම් කරන්නටත් පහසු වන අයුරින් අල්කුර්ආනය පිහිටා තිබීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቀመር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት