Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (95) ምዕራፍ: አል-ማኢዳህ
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَقْتُلُوا الصَّیْدَ وَاَنْتُمْ حُرُمٌ ؕ— وَمَنْ قَتَلَهٗ مِنْكُمْ مُّتَعَمِّدًا فَجَزَآءٌ مِّثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ یَحْكُمُ بِهٖ ذَوَا عَدْلٍ مِّنْكُمْ هَدْیًا بٰلِغَ الْكَعْبَةِ اَوْ كَفَّارَةٌ طَعَامُ مَسٰكِیْنَ اَوْ عَدْلُ ذٰلِكَ صِیَامًا لِّیَذُوْقَ وَبَالَ اَمْرِهٖ ؕ— عَفَا اللّٰهُ عَمَّا سَلَفَ ؕ— وَمَنْ عَادَ فَیَنْتَقِمُ اللّٰهُ مِنْهُ ؕ— وَاللّٰهُ عَزِیْزٌ ذُو انْتِقَامٍ ۟
අහෝ! විශ්වාස කළවුනි, හජ් හෝ උම්රාවෙහි ඔබ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී ගොඩබිම සතුන් දඬයම් නොකරනු. කවරෙකු උවමනාවෙන් එවන් සතෙකු දඬයම් කොට මරා දැමුවේද එයට ප්රතිකර්මයක් වශයෙන් දඬයම් කළ එම සතා හා සමාන ව ඔටුවෙකු හෝ ගවයෙකු හෝ එළුවෙකු ලබා දීම අනිවාර්යය වන්නේය. ඒ සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් අතර යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. ඔවුන් දෙදෙනා ඒ ගැන කවර තීන්දුවක් දෙන්නේද එය පිළිපදිනු ලැබේ. එනම් එම සත්වයා මක්කාව වෙත ගෙන ගොස් හරම් සීමාවෙහි කැප කිරීම හෝ එහි වටිනාකමට ආහාර ගෙන හරම් සීමාවෙහි සිටින දිළිඳුන් හට සාඃ අඩක ප්රමාණයක් බැගින් ලබා දීම හෝ ආහාර සාඃ අඩක ප්රමාණයට සරිලන දින ගණන් බලා උපවාසයේ නිරත වීම යනාදියයි. එය එම දඬයම්කරු තමන් කළ ඝාතනයට දඬුවම් වශයෙන් භුක්ති විඳිනු පිණිසය. හරම් තත්ත්වයේ සිටියදී එසේ පෙර දඬයම් කර මරා දැමූ අයගේ හා තහනම් කිරීමට පෙර ඉහ්රාම් තත්ත්වයේ සිට ගොඩබිමේ සතුන් දඬයම් කොට මරා දැමූ අයගේ වැරදි වලට අල්ලාහ් සමාව දෙන්නේය. අල්ලාහ් සර්ව බලධාරීය. වළක්වන්නාය. තමන් පිටුපෑ අයහපතට තමන් අභිමත වූයේ නම් ඔවුන්ගෙන් පළිගැනීම ඔහුගේ සර්ව බලධාරීත්වය පෙන්නුම් කරන්නකි. එයින් ඔහු ව වළක්වන කිසිවකු නොසිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عدم مؤاخذة الشخص بما لم يُحَرَّم أو لم يبلغه تحريمه.
තහනම් කරනු නොලැබූ දෙයක් හෝ යමක් තහනම් බව තමන්ට දැන ගන්නට නොලැබුණු දෙයක් හේතුවෙන් පුද්ගලයකු වරදකරවකු බවට පත් වන්නේ නැත.

• تحريم الصيد على المحرم بالحج أو العمرة، وبيان كفارة قتله.
හජ් හෝ උම්රා වන්දනා අවස්ථාවෙහි ඉහ්රාම් තත්ත්වයේ සිටින්නාට දඬයම් කිරීමේ තහනම හා එසේ දඬයම් කොට සතෙක් මරා දැමීමේ දී ඒ සඳහා කළ යුතු ප්රතිකර්මය විස්තර කිරීම.

• من حكمة الله عز وجل في التحريم: ابتلاء عباده، وتمحيصهم، وفي الكفارة: الردع والزجر.
යමක් තහනම් කිරීමේදී අල්ලාහ්ගේ ප්රඥාව වනුයේ ඔහුගේ ගැත්තන් පරීක්ෂණයට හා විභාගයට ලක් කිරීමය. එහි ප්රතිකර්මය සංයමය හා වැළකීමයි.

 
የይዘት ትርጉም አንቀጽ: (95) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት