Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (10) ምዕራፍ: አል ፈትህ
اِنَّ الَّذِیْنَ یُبَایِعُوْنَكَ اِنَّمَا یُبَایِعُوْنَ اللّٰهَ ؕ— یَدُ اللّٰهِ فَوْقَ اَیْدِیْهِمْ ۚ— فَمَنْ نَّكَثَ فَاِنَّمَا یَنْكُثُ عَلٰی نَفْسِهٖ ۚ— وَمَنْ اَوْفٰی بِمَا عٰهَدَ عَلَیْهُ اللّٰهَ فَسَیُؤْتِیْهِ اَجْرًا عَظِیْمًا ۟۠
අහෝ ධර්ම දූතය! දෙවියන්ට ආදේශ කරන මක්කා වාසීන් සමග යුද වදින බවට රිළ්වාන් ගිවිසුම සම්බන්ධයෙන් නුඹට ප්රතිඥා දුන් අය වනාහි, සැබැවින්ම ඔවුන් එසේ ප්රතිඥා කර ඇත්තේ අල්ලාහ්ටය. හේතුව දේව ආදේශකයින් සමග සටන් කරන මෙන් ඔවුනට නියෝග කළේ ඔහුය. ඔවුනට ප්රතිඵල පිරිනමනුයේ ද ඔහුය. ප්රතිඥා දෙන අවස්ථාවේ ඔවුන්ගේ අත්වලට ඉහළින් අල්ලාහ්ගේ අත විය. ඔහු ඔවුන් කෙරෙහි බලා සිටින්නාය. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. කවරෙකු තම ප්රතිඥාව කඩ කර අල්ලාහ්ගේ දහමට සහයෝගය දෙන මෙන් කළ පොරොන්දුව ඉටු නොකළේ ද එසේ ඔහුගේ ප්රතිඥාව කඩ කිරීමේ හා ගිවිසුම උල්ලංඝණය කිරීමේ හානිය ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එය අල්ලාහ්ට කිසිදු හානියක් ඇති නොකරයි. අල්ලාහ්ගේ දහමට සහයෝගය දෙන මෙන් කළ පොරොන්දුව කවරෙකු ඉටු කළේද ඔහු ඔහුට අතිමහත් ප්රතිඵල පිරිනමනු ඇත. එය ස්වර්ගයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مكانة بيعة الرضوان عند الله عظيمة، وأهلها من خير الناس على وجه الأرض.
•අල්ලාහ් අබියස ‘රිල්වාන්’ ගිවිසුමේ ස්ථාවරත්වය අතිමහත්ය. එයට අදාළ පුද්ගලයින් මහපොළොව මත සිටින මිනිසුන්ට වඩා උතුම් අය වෙති.

• سوء الظن بالله من أسباب الوقوع في المعصية وقد يوصل إلى الكفر.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම පාපයට ඇද දමනු ඇත. එය දේව ප්රතික්ෂේපය වෙත සේන්දු කරවයි.

• ضعاف الإيمان قليلون عند الفزع، كثيرون عند الطمع.
•දේව විශ්වාසයේ දුර්වලයින් භීතිමත් අවස්ථාවක ස්වල්ප දෙනෙකු වෙති. සතුටුමත් අවස්ථාවක බොහෝ අය වෙති.

 
የይዘት ትርጉም አንቀጽ: (10) ምዕራፍ: አል ፈትህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት