Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አህቃፍ   አንቀጽ:

අල් අහ්කාෆ්

ከመዕራፉ ዓላማዎች:
بيان حاجة البشريّة للرسالة وإنذار المعرضين عنها.
දේව පණිවිඩය වෙත වූ මිනිස් අවශ්යතාව පැහැදිළි කිරීම, එය හෙළා දකින්නන්හට අවවාද කිරීම.

حٰمٓ ۟ۚ
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟
අල් කුර්ආනය පහළ කිරීම, කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَاۤ اِلَّا بِالْحَقِّ وَاَجَلٍ مُّسَمًّی ؕ— وَالَّذِیْنَ كَفَرُوْا عَمَّاۤ اُنْذِرُوْا مُعْرِضُوْنَ ۟
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නිකරුණේ නොමැව්වෙමු. ඒ සියල්ල යම් ගැඹුරු ප්රඥාවක් සඳහා සත්යයෙන් යුතු ව මවා ඇත්තෙමු. ඒ අතරින් ගැත්තා ඔවුන්ගේ පරමාධිපති හඳුනා ගෙන, ඔහුට පමණක් නැමදුම් ඉටු කර, ඔහුට කිසිවක් ආදේශ නොකර සිටීම ද එකකි. එමෙන්ම අල්ලාහ් පමණක් දන්නා නියමිත කාලයක් දක්වා මහපොළොවේ ඔවුනට හිමි නියෝජිතභාවය ඔවුන් ඉටු කරනු පිණිසය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගේ ග්රන්ථයෙහි කවර දෙයක් අවවාද කරනු ලැබුවේ ද එය හෙළා දකින්නෝ වෙති. ඒ ගැන ඔවුහු නොසලකා හරිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَرَءَیْتُمْ مَّا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ اَرُوْنِیْ مَاذَا خَلَقُوْا مِنَ الْاَرْضِ اَمْ لَهُمْ شِرْكٌ فِی السَّمٰوٰتِ ؕ— اِیْتُوْنِیْ بِكِتٰبٍ مِّنْ قَبْلِ هٰذَاۤ اَوْ اَثٰرَةٍ مِّنْ عِلْمٍ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
අහෝ දූතය! සත්ය ප්රතික්ෂේප කරන මෙම ආදේශ තබන්නන්ට, නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම මහපොළොවේ කවර කොටසක් මවා ඇත්තේ ද? කවර කන්දක් මවා ඇත්තේ ද? කවර ගංගාවක් මවා ඇත්තේ දැ?යි ඔවුන් ගැන මට දන්වනු. එසේ නැතහොත් අහස් මැවීමෙහි අල්ලාහ් සමග ඔවුනට යම් හවුලක් හෝ කොටසක් හෝ තිබුණේද? සැබැවින්ම නුඹලාගේ පිළිම නැමදුමට සුදුස්සන් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් නම් අල් කුර්ආනයට පෙර අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ ග්රන්ථයක් හෝ මුතුන්මිත්තන් අතහැර දැමූ දැනුමෙන් ඉතිරි ව ඇති දෙයක් හෝ මා වෙත නුඹලා ගෙන එනු.'
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ اَضَلُّ مِمَّنْ یَّدْعُوْا مِنْ دُوْنِ اللّٰهِ مَنْ لَّا یَسْتَجِیْبُ لَهٗۤ اِلٰی یَوْمِ الْقِیٰمَةِ وَهُمْ عَنْ دُعَآىِٕهِمْ غٰفِلُوْنَ ۟
අල්ලාහ් හැර පිළිමයට වැදුම් පිදුම් කරන්නාට වඩා නොමග ගිය වෙනත් කිසිවකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔහුගේ ප්රාර්ථනාවට එය පිළිතුරු දෙන්නේ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම පිළිම ඒවාට වැඳුම් පිදුම් කරන්නන්ගේ ප්රාර්තනාව නොසලකා හරී. ඊට අමතර ව ඒවා තමන්ටම පවා සෙතක් හෝ උවදුරක් හෝ කළ නොහැකිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الاستهزاء بآيات الله كفر.
•අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීම දෙවියන් ප්රතික්ෂේප කිරීමකි.

• خطر الاغترار بلذات الدنيا وشهواتها.
•මෙලොව ජීවිතයේ ආශාවන්ට හා වින්ඳනයන්ට රැවටීමේ භයානකකම.

• ثبوت صفة الكبرياء لله تعالى.
•සියලු ආකාරයේ විභූතියන් උත්තරීතර අල්ලාහ්ට පමණක් සතු බව තහවුරු කිරීම.

• إجابة الدعاء من أظهر أدلة وجود الله سبحانه وتعالى واستحقاقه العبادة.
• ප්රාර්ථනාවට පිළිතුරු සපයනු ලැබීම අල්ලාහ්ගේ පැවැත්ම හා ඔහු නැමදුමට සුදුස්සා බව පෙන්වා දෙන පැහැදිළි සාධක අතරින් වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አህቃፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት