Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (46) ምዕራፍ: አን-ኒሳዕ
مِنَ الَّذِیْنَ هَادُوْا یُحَرِّفُوْنَ الْكَلِمَ عَنْ مَّوَاضِعِهٖ وَیَقُوْلُوْنَ سَمِعْنَا وَعَصَیْنَا وَاسْمَعْ غَیْرَ مُسْمَعٍ وَّرَاعِنَا لَیًّا بِاَلْسِنَتِهِمْ وَطَعْنًا فِی الدِّیْنِ ؕ— وَلَوْ اَنَّهُمْ قَالُوْا سَمِعْنَا وَاَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَیْرًا لَّهُمْ وَاَقْوَمَ ۙ— وَلٰكِنْ لَّعَنَهُمُ اللّٰهُ بِكُفْرِهِمْ فَلَا یُؤْمِنُوْنَ اِلَّا قَلِیْلًا ۟
යුදෙව්වන් අතර නපුරු පිරිසක් ද සිටිති. අල්ලාහ් කවර දෙයක් පහළ කර ඇත්තේ ද එම වදන් ඔවුහු වෙනස් කරති. අල්ලාහ් පහළ නොකළ දෑ අලුතින් එකතු කොට ගොතා පවසති. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔවුනට යමක් අණ කරන අවස්ථාවේ ‘ඔබේ ප්රකාශයට අපි සවන් දුනිමු. නමුත් ඔබේ නියෝගය අපි පිටුපෑවෙමු’ යැයි පවසති. තවදුරටත් හෑල්ලුවට ලක් කරමින් ඔවුන් ‘අපි පවසන දෑට ඇහුන්කන් නොදී ඔබ සවන් දෙන්න.’ ඔවුන් කුතුහලය ඇති කරන පරිදි (රාඉනා) යන ප්රකාශය භාවිත කළෝය. ඇත්තෙන්ම ඔවුන් එමගින් අපේක්ෂා කළේ ‘රඌනා’ යන පදයෙන් අදහස් කරන පරිදි අල්ලාහ්ගේ දූතයාණන්ට ශාප කිරීමටය. ඒ නිසාවෙන් ඔවුන් ඔවුන්ගේ දිවවල් හරවා රාඉනා නම් පදය විකෘති කොට පැවසීය. ඔවුන් එමගින් දහම අපහාසයට ලක්කිරීමට අරමුණ කර ගත්තෝය. නමුත් ඔවුන් ‘ඔබේ ප්රකාශයට අපි සවන් දුනිමු. නමුත් ඔබේ නියෝගයට අපි පිටුපෑවෙමු’ යන ප්රකාශය වෙනුවට ‘ඔබේ ප්රකාශයට සවන් දුනිමු. ඔබේ නියෝගයට අවනත වූයෙමු’ යැයි ද ‘ඔබ ඇහුන්කන් නොදී සවන් දෙනු’ යන ප්රකාශය වෙනුවට ‘සවන් දෙනු’ යැයි ද විකෘති කොට පැවසූ ‘රාඉනා’ යන ප්රකාශය වෙනුවට ‘ඔබ පවසන දෑයින් ඔවුනට ඔබ වෙතින් ප්රයෝජනයක් ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු’ යැයි ද පවසා සිටියෙහු නම් එය ඔවුනට යහපත් වනු ඇත. එය ඔවුන් පවසන වඩාත් සුදුසු මෙන්ම වඩාත් යුක්ති සහගත ප්රකාශයක් වනු ඇත. එය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග විනයානුකූල බැඳීමකින් යුතුව කටයුතු කර ඇති බව පෙන්වා දීමක් වන බැවිණි. නමුත් අල්ලාහ් ඔවුනට ශාප කළේය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ඔවුන් නෙරපා හැරියේය. එහෙයින් ඔවුන් ඔවුනට ප්රයෝජනවත් වන අයුරින් විශ්වාස කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كفاية الله للمؤمنين ونصره لهم تغنيهم عما سواه.
•දේව විශ්වාසී ජනයාට අල්ලාහ් හා ඔහුගේ උපකාරය ප්රමාණවත්ය. ඔහු හැර වෙනත් අයකුගේ අවශ්යතාවන් ඔවුනට නොමැත.

• بيان جرائم اليهود، كتحريفهم كلام الله، وسوء أدبهم مع رسوله صلى الله عليه وسلم، وتحاكمهم إلى غير شرعه سبحانه.
•අල්ලාහ්ගේ වදන් විකෘති කිරීම, අල්ලාහ්ගේ දූතයාණන් සමග අවිධිමත් ලෙස හැසිරීම, අල්ලාහ් ආගමානුගත කළ දෑ හැර දමා තම කැමැත්තට අනුව තීන්දු පිරිනැමීම වැනි යුදෙව්වන්ගේ වැරදි පැහිදිලි කිරීම හා විග්රහ කිරීම.

• بيان خطر الشرك والكفر، وأنه لا يُغْفر لصاحبه إذا مات عليه، وأما ما دون ذلك فهو تحت مشيئة الله تعالى.
•‘ෂිර්ක්’ හෙවත් දෙවියන්ට ආදේශ කිරීම හා ‘කුෆ්ර්’ හෙවත් දෙවියන් ප්රතික්ෂේප කිරීමේ බරපතළ වරද විස්තර කිරීම. සැබැවින්ම එම තත්ත්වයේම මිය යැදුණු කෙනෙකුට ඔහු කිසිවිටෙක සමාව දෙන්නේ නැත. ඒ හැර සෙසු වැරදි උත්තරීතර අල්ලාහ්ගේ අභිමතය යටතේ තීන්දු වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (46) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት