Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (34) ምዕራፍ: አን-ኒሳዕ
اَلرِّجَالُ قَوّٰمُوْنَ عَلَی النِّسَآءِ بِمَا فَضَّلَ اللّٰهُ بَعْضَهُمْ عَلٰی بَعْضٍ وَّبِمَاۤ اَنْفَقُوْا مِنْ اَمْوَالِهِمْ ؕ— فَالصّٰلِحٰتُ قٰنِتٰتٌ حٰفِظٰتٌ لِّلْغَیْبِ بِمَا حَفِظَ اللّٰهُ ؕ— وَالّٰتِیْ تَخَافُوْنَ نُشُوْزَهُنَّ فَعِظُوْهُنَّ وَاهْجُرُوْهُنَّ فِی الْمَضَاجِعِ وَاضْرِبُوْهُنَّ ۚ— فَاِنْ اَطَعْنَكُمْ فَلَا تَبْغُوْا عَلَیْهِنَّ سَبِیْلًا ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلِیًّا كَبِیْرًا ۟
කාන්තාවන් මෙහෙයවනු ලබනුයේ පුරුෂයින් විසිනි. ඔවුන්ගේ කටයුතු මොවුන් ක්රියාත්මක කරනු ඇත. එය අල්ලාහ් විසින් පුරුෂයින් කාන්තාවන්ට වඩා උසස් කොට පෙන්වා ඇති බැවිණි. එමෙන්ම ඔවුන්ගේ නඩත්තු වියදම් හා ඔවුන්ගේ කටයුතු වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම පුරුෂයින්ට අනිවාර්යය කර ඇති බැවිණි. දැහැමි කාන්තාවන් තම පරමාධිපතිට අවනත වනවාක් මෙන්ම තම ස්වාමි පුරුෂයින්ටත් අවනත වෙති. අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති භාග්යය හේතුවෙන් ඔවුන්ගේ රහස් මොවුන් විසින් ආරක්ෂා කරති. වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ තම ස්වාමිපුරුෂයින්ට අවනතවීමෙන් ඔවුන් ඉවත් වනු ඇතැයි බිය වන කාන්තාවන් සම්බන්ධයෙන් වනාහි අහෝ ස්වාමිපුරුෂයිනි, ඔවුනට අල්ලාහ් පිළිබඳ සිහිපත් කොට බිය ගන්වමින් කටයුතු ආරම්භ කරනු. ඔවුන් ඊට ප්රතිචාර නොදැක්වූයේ නම් නිදියහනින් ඔවුන් ඈත් කරනු. එනම් සංසර්ගයේ යෙදීමෙන් ඉවත් ව හැරී සිටිනු. එයට ද ඔවුන් ප්රතිචාර නොදැක්වූයේ නම් තුවාල නොවන තරමට ඔවුනට තරවටු කරනු. එසේ ඔවුන් අවනත වීම සඳහා නැවත හැරෙන්නට අපේක්ෂා කරන්නේ නම් ඔවුනට අපරාධ හෝ දඬුවම් පමුණුවා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. නියත වශයෙන්ම සියල්ලට ඉහළින් අල්ලාහ් සිටියි. ඔහුගේ පැවත්මෙහි හා ගුණාංගයෙහි ඔහු උදාරය. එහෙයින් නුඹලා ඔහුට බිය වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ثبوت قِوَامة الرجال على النساء بسبب تفضيل الله لهم باختصاصهم بالولايات، وبسبب ما يجب عليهم من الحقوق، وأبرزها النفقة على الزوجة.
•කාන්තාවන්ගේ භාරකාරත්වය දැරීමට පුරුෂයින් සුදුස්සන් බවට අල්ලාහ් පත් කර තිබීම හා ඔවුන් වෙත ඉටු කළ යුතු වගකීම් මොවුන් හට අනිවාර්ය කර තිබීම හේතුවෙන් පුරුෂයින් විසින් කාන්තාවන් පාලනය කිරීමේ විෂයය තහවුරු කර ඇත. ඒ අතුරින් වඩාත් වැදගත්ම කරුණ වනුයේ තම බිරියන්හට පිරිනමන නඩත්තු වියදම්ය.

• التحذير من البغي وظلم المرأة في التأديب بتذكير العبد بقدرة الله عليه وعلوه سبحانه.
•කාන්තාවන් හැඩ ගැස්වීමේ දී අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ උසස් බව ගැත්තාට මෙනෙහි කිරීම තුළින් ඔවුනට අපරාධ කිරීම ඔවුන් මත සීමාව ඉක්මවා කටයුතු කිරීම වැනි දෑ පිළිබඳ අවවාදය.

• التحذير من ذميم الأخلاق، كالكبر والتفاخر والبخل وكتم العلم وعدم تبيينه للناس.
•අහංකාරකම උද්දච්චකම මසුරුකම දැනුම සැගවීම හා ජනයාට එය පැහැදිලි නොකිරීම වැනි පහත් ගුණාංග පිළිබඳ අවවාදය.

 
የይዘት ትርጉም አንቀጽ: (34) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት