Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (176) ምዕራፍ: አን-ኒሳዕ
یَسْتَفْتُوْنَكَ ؕ— قُلِ اللّٰهُ یُفْتِیْكُمْ فِی الْكَلٰلَةِ ؕ— اِنِ امْرُؤٌا هَلَكَ لَیْسَ لَهٗ وَلَدٌ وَّلَهٗۤ اُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ— وَهُوَ یَرِثُهَاۤ اِنْ لَّمْ یَكُنْ لَّهَا وَلَدٌ ؕ— فَاِنْ كَانَتَا اثْنَتَیْنِ فَلَهُمَا الثُّلُثٰنِ مِمَّا تَرَكَ ؕ— وَاِنْ كَانُوْۤا اِخْوَةً رِّجَالًا وَّنِسَآءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْاُنْثَیَیْنِ ؕ— یُبَیِّنُ اللّٰهُ لَكُمْ اَنْ تَضِلُّوْا ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟۠
දූතය, කලාලා සම්බන්ධයෙන් ආගමික තීන්දු දෙන මෙන් ජනයා ඔබෙන් ඉල්ලති. එනම් තම උරුමය රකින්නට පියකු හෝ දරුවකු හෝ නොමැති ව මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙනි. එහි නීතිය ගැන අල්ලාහ් පැහැදිලි කරනු ඇතැයි ඔබ ඔවුනට පවසනු. තමන්ට පියකු හෝ දරුවකු නොමැති ව පුද්ගලයකු මිය ගියේ නම් ඔහුට එක්කුස උපන් සහෝදරියෙක් හෝ තම පියාගේ මාර්ගයෙන් වූ සහෝදරියෙක් සිටි නම්, ඔහු හැර දමා ගිය ධනයෙන් අඩක් අනිවාර්යයයෙන්ම ඇයට හිමි විය යුතුය. එක්කුස උපන් සහෝදරයකු හෝ තම පියා මගින් දාව සහෝදරයකු වී නම් අනිවාර්ය ලෙස උරුමය ලැබිය යුතු කිසිවකු නොමැති නම් පසු උරුමය වශයෙන් ඔහු හැර දමා ගිය දෑ ට ඔහු උරුමකම් පානු ඇත. නමුත් අනිවාර්යයෙන්ම උරුමය ලැබිය යුතු අයකු වී නම් ඔහු එසේ උරුමකම් කියනුයේ ඉතිරි ව ඇති දෑ ට පමණය. එක්කුස උපන් සහෝදරියන් බොහෝ දෙනෙකු වී හෝ තම පියාට දාව සහෝදරියන් දෙදෙනෙකු හෝ ඊටත් වඩා වැඩියෙන් වී නම් ඔවුන් දෙදෙනා උරුමකම් කියනු ඇත එසේත් නැතහොත් අනිවාර්ය ලෙස තුනෙන් දෙකකට උරුමකම් කියනු ඇත. එක්කුස උපන් සහෝදරයන් වී නම් හෝ තම පියාණන් දාව සහෝදර සහෝදරියන් වී නම් අසබ් පිළිවෙලින් (එනම් පිරිමියාගේ පංගුව කාන්තා දෙදෙනෙකුට හිමි පංගු දෙකක් හා සමානය යන න්යායයට අනුව) ඔවුන් උරුමකම් පානු ඇත. අල්ලාහ් ඔබට කලාලා නීතියත් උරුමය හා බැඳුණු වෙනත් නීතීන්ද ඔබ ඒ පිළිබඳ නොමග නොයනු පිණිස ඔබට ඔහු පැහැදිලි කරයි. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عناية الله بجميع أحوال الورثة في تقسيم الميراث عليهم.
උරුමක්කරුවන් හට උරුමය බෙදා දීමේ දී උරුමය හා බැඳුනු සියලු තත්ත්වයන් කෙරෙහි වූ අල්ලාහ්ගේ අවධානය.

• الأصل هو حِلُّ الأكل من كل بهيمة الأنعام، سوى ما خصه الدليل بالتحريم، أو ما كان صيدًا يعرض للمحرم في حجه أو عمرته.
ගොවිපළ සියලු සතුන් ආහාරයට ගැනීමේ මූලධර්මය වනුයේ අනුමතය යන්නයි. නමුත් තහනම් යැයි පෙන්වා දුන් දෑ හා හජ් හෝ උම්රා වන්දනාවෙහි ඉහ්රාම් තත්ත්වයේ සිටියදී හරහට පැමිණෙන දඬයම් සතුන් හැර.

• النهي عن استحلال المحرَّمات، ومنها: محظورات الإحرام، والصيد في الحرم، والقتال في الأشهر الحُرُم، واستحلال الهدي بغصب ونحوه، أو مَنْع وصوله إلى محله.
තහනම් දෑ අනුමත කර ගැනීමේ තහනම. ඉහ්රාම් තත්ත්වයේ තහනම් කළ අනුමත කර ගැනීම හරම් සීමාව තුළදී දඬයම් කිරීම, ශුද්ධ වූ මාස වල යුද්ධ කිරීම, මංකොල්ලය වැනි අයුතු ක්රම වලින් ගත් සතුන් අනුමත කර ගැනීම, ඒවා නියමිත ස්ථානයට ගෙන යෑමෙන් වැළැක්වීම යනාදිය ඒවායින් සමහරෙකි.

 
የይዘት ትርጉም አንቀጽ: (176) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት