Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (3) ምዕራፍ: አዝ ዙመር
اَلَا لِلّٰهِ الدِّیْنُ الْخَالِصُ ؕ— وَالَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ ۘ— مَا نَعْبُدُهُمْ اِلَّا لِیُقَرِّبُوْنَاۤ اِلَی اللّٰهِ زُلْفٰی ؕ— اِنَّ اللّٰهَ یَحْكُمُ بَیْنَهُمْ فِیْ مَا هُمْ فِیْهِ یَخْتَلِفُوْنَ ؕ۬— اِنَّ اللّٰهَ لَا یَهْدِیْ مَنْ هُوَ كٰذِبٌ كَفَّارٌ ۟
දැනගනු! සියලු ආදේශයන්ගෙන් තොර වූ දහම අල්ලාහ් සතුය. අල්ලාහ් අතහැර ඔවුන් නමදින පිළිම හා වෙනත් ව්යාජ බලවේග අතරින් ඔහු හැර භාරකරුවන් ලෙස තෝරා ගත් අය වනාහි, ඔවුන් ඒවා නැමදීම ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ ප්රකාශ කරති. ‘නිලයෙන් අල්ලාහ් වෙත ඔවුන් අප සමීප කරනු පිණිසත් අපගේ අවශ්යතා ඔහු වෙත ඔවුන් ඉදිරිපත් කරනු පිණිසත් ඔහු අබියස අප වෙනුවෙන් ඔවුන් මැදිහත්වී කතා කරනු පිණිසත් මිස අපි ඔවුන් නමදින්නේ නැත.’ නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ඒකීයත්වය විශ්වාස කළවුන් හා ඔහුට ආදේශ තැබූ ප්රතික්ෂේපකයින් අතර වෙන් කරනු ඇත. එය ඔවුන් ඒකදේවත්වය පිළිබඳ කවර මතභේදයක සිටියේ ද එහි තීන්දුව අනුවය. කවරෙකු අල්ලාහ්ට හවුල් කරුවකු ආරෝපණය කොට බොරු පවසන්නේ ද එමෙන්ම ඔහු වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදවලට ගුණමකු වන්නේ ද සැබවින්ම අල්ලාහ් ඔහුට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الداعي إلى الله يحتسب الأجر من عنده، لا يريد من الناس أجرًا على ما يدعوهم إليه من الحق.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා එහි ප්රතිඵල ඔහුගෙන්ම අපේක්ෂා කරනු ඇත. ජනයා සත්යය වෙත ඔහු ඇරයුම් කිරීම සඳහා කිසිදු කුසලක් ඔවුන්ගෙන් ඔහු අපෙක්ෂා නොකරයි.

• التكلّف ليس من الدِّين.
• (අපහසුතාවට ලක් වන තරමට) කරුණු බලෙන් පනවා ගැනීම ආගමික කරුණක් නොවේ.

• التوسل إلى الله يكون بأسمائه وصفاته وبالإيمان وبالعمل الصالح لا غير.
•අල්ලාහ් වෙත සම්බන්ධතා ඇති කරගැනීම, ඔහුගේ නාමයන් තුළින් ඔහුගේ ගුණාංගයන් තුළින් ඔහු ව විශ්වාස කිරීමෙන් හා දැහැමි ක්රියාවන් ක්රියාවට නැංවීම තුළින් සිදු විය යුතු අතර වෙනත් කරුණුවලින් නොවේ.

 
የይዘት ትርጉም አንቀጽ: (3) ምዕራፍ: አዝ ዙመር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት