Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ፋጢር   አንቀጽ:
وَمَا یَسْتَوِی الْبَحْرٰنِ ۖۗ— هٰذَا عَذْبٌ فُرَاتٌ سَآىِٕغٌ شَرَابُهٗ وَهٰذَا مِلْحٌ اُجَاجٌ ؕ— وَمِنْ كُلٍّ تَاْكُلُوْنَ لَحْمًا طَرِیًّا وَّتَسْتَخْرِجُوْنَ حِلْیَةً تَلْبَسُوْنَهَا ۚ— وَتَرَی الْفُلْكَ فِیْهِ مَوَاخِرَ لِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
මුහුදු දෙක එක සමාන නොවන්නේය. ඒ දෙකින් එකක් ඉතා මිහිරිය. එහි ඉමිහිරිභාවය නිසා එය පානය කිරීමට පහසුය. දෙවැන්න ලුණු සහිතය. තිත්තය. එහි ඇති දැඩි ලුණු ද්රාවණය නිසා බීමට නොහැකිය. සඳහන් කරනු ලැබූ සාගර දෙකින් සෑම සාගරයකම නුඹලා නැවුම් මත්සයින් ආහාරයට ගන්නෙහුය. ඒ දෙකින් නුඹලා අලංකාරයට පළඳින මුතු මැණික් මතු කර ගන්නෙහුය. අහෝ අධීක්ෂණය කර බලන්නනි! ව්යාපාරික කටයුතු තුළින් නුඹලා අල්ලාහ්ගේ භාග්යය සෙවීම සඳහා සාගරය දෙබෑ කොට ඉදිරියටත් පසු පසටත් යාත්රා කරන නැව් නුඹලා දකිනු ඇත. එය, අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති අසීමිත ආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ විය හැකිවනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَیُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ ۙ— وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖؗ— كُلٌّ یَّجْرِیْ لِاَجَلٍ مُّسَمًّی ؕ— ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ؕ— وَالَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِهٖ مَا یَمْلِكُوْنَ مِنْ قِطْمِیْرٍ ۟ؕ
අල්ලාහ් රාත්රිය දහවල තුළට ප්රවේශ කොට (විටෙක) එය දිගු කරයි. එමෙන්ම දහවල රාත්රිය තුළට ප්රවේශ කොට (විටෙක) එය දිගු කරයි. සුවිශුද්ධයාණන් හිරු වසඟ කළේය. සඳු ද වසඟ කළේය. ඒ දෙකින් සෑම එකක්ම නියමිත ප්රතිඥත දිනයක් වෙනුවෙන් ගමන් කරමින් සිටී. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. ඒ සියල්ල සැලසුම් කරන්නේ ද ගමන් කරවන්නේ ද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ය. සියලු බලය ඔහුට පමණක් සතුය. ඔහු හැර නුඹලා නමදින භෞතික වස්තූන්වලට රට ඉඳි කීතුවක තිතක තරම් ප්රමාණයක්වත් අයිති නැත. එසේ නම් නුඹලා මා හැර දමා ඔවුන් නමදිනුයේ කෙසේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ تَدْعُوْهُمْ لَا یَسْمَعُوْا دُعَآءَكُمْ ۚ— وَلَوْ سَمِعُوْا مَا اسْتَجَابُوْا لَكُمْ ؕ— وَیَوْمَ الْقِیٰمَةِ یَكْفُرُوْنَ بِشِرْكِكُمْ ؕ— وَلَا یُنَبِّئُكَ مِثْلُ خَبِیْرٍ ۟۠
නුඹලා නමදින දෑ ට කන්නලව් කළ ද නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. ඒවා භෞතික වස්තු වෙති. ඒවා තුළ ජීවයක් නැත. ඒවාට සවන් වැකීමක් නැත. - අගයන පරිදි- නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු ප්රතිචාර නොදක්වති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ හවුල්කරුවන්, නුඹලා නැමදුමට ගත්තවුන් නුඹලාගෙන් නිදහස් වී යති. අහෝ දූතය! අල්ලාහ්ට වඩා සත්යය තොරුතුරු ලබා දෙන වෙනත් කිසිවෙකු නුඹට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا النَّاسُ اَنْتُمُ الْفُقَرَآءُ اِلَی اللّٰهِ ۚ— وَاللّٰهُ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟
අහෝ ජනයිනි, නුඹලාගේ සියලුම කටයුතුවලදී ද නුඹලාගේ සියලුම තත්ත්වයන්හි ද නුඹලා අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පෙළෙන්නෙහුය. කවර කරුණක හෝ වේවා ඔහු නුඹලාව උවමනාවක් නැති ස්වාධීනය. ඔහු තම ගැත්තන්හට සැලසුම් කර ඇති දෑ සම්බන්ධයෙන් මෙලොව මෙන්ම මතුලොවෙහි ද ප්රශංසාලාභීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ یَّشَاْ یُذْهِبْكُمْ وَیَاْتِ بِخَلْقٍ جَدِیْدٍ ۟ۚ
නුඹලා ව විනාශ කර, නුඹලා ව ඉවත් කිරීමට සුවිශුද්ධයාණන් අභිමත කරන්නේ නම් ඔහු නුඹලා ව ඉවත් කොට නුඹලා වෙනුවට ඔහු ව නමදින, ඔහුට කිසිවක් ආදේශ නොකරන, නව මැවීමක් ගෙන එනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا ذٰلِكَ عَلَی اللّٰهِ بِعَزِیْزٍ ۟
නුඹලාව විනාශ කර, නුඹලාව ඉවත් කොට, නුඹලා වෙනුවට නව මැවීමක් ගෙන ඒම උත්තරීතර සුවිශුද්ධයාණන් වූ අල්ලාහ්හට වළක්වාලන ක්රියාවක් නොවෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ؕ— وَاِنْ تَدْعُ مُثْقَلَةٌ اِلٰی حِمْلِهَا لَا یُحْمَلْ مِنْهُ شَیْءٌ وَّلَوْ كَانَ ذَا قُرْبٰی ؕ— اِنَّمَا تُنْذِرُ الَّذِیْنَ یَخْشَوْنَ رَبَّهُمْ بِالْغَیْبِ وَاَقَامُوا الصَّلٰوةَ ؕ— وَمَنْ تَزَكّٰی فَاِنَّمَا یَتَزَكّٰی لِنَفْسِهٖ ؕ— وَاِلَی اللّٰهِ الْمَصِیْرُ ۟
පාපතර ආත්මයක් තවත් පාපතර ආත්මයක පව්බර උසුලන්නේ නැත. සෑම ආත්මයක්ම තම තමන් සිදු කළ පාපකම් උසලනු ඇත. පව්බර උසුලා සිටින ආත්මයක් එහි පවින් කොටසක් ඔහු වෙනුවෙන් උසුලන්නට කෙනෙකුට ඇරයුම් කළ ද ඇරයුම් කරනු ලබන්නා ඔහුට සමීපයෙන් සිටිය ද එම පව්වලින් කිසිවක් ඔහුගෙන් උසුලන්නේ නැත. අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹ බිය ගන්වනුයේ ගුප්ත දෑ පිළිබඳ ව ඔවුන්ගේ පරමාධිපතිට බිය වී සලාතය පූර්ණ අයුරින් ඉටු කරන්නන් හටය. නුඹ බිය ගැන්වීමෙන් ප්රයෝජන ලබන්නෝ ඔවුහුමය. කවරෙකු පාපකම්වලින් පිරිසිදු වන්නේ ද (ඒවායින් වඩාත් බරපතළම පාපය අල්ලාහ්ට ආදේශ තැබීමය.) සැබැවින්ම පිරිසිදු කරනුයේ ඔහුටමය. සැබැවින්ම එහි ප්රයෝජන ඔහු වෙත නැවත පැමිණෙන්නේමය. අල්ලාහ් වනාහි ඔහුට අවනත විය යුතු යැයි කිසිදු අවශ්යතාවක් ඔහුට නැත්තාය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تسخير البحر، وتعاقب الليل والنهار، وتسخير الشمس والقمر: من نعم الله على الناس، لكن الناس تعتاد هذه النعم فتغفل عنها.
•මුහුදු වසඟ කර තිබීම, රාත්රිය හා දහවල මාරුවෙන් මාරු ව පැමිණීම, හිරු හා සඳු වසඟ කර තිබීම යනාදිය අල්ලාහ් මිනිසුන්හට පිරිනැමූ ආශිර්වාදයන්ය. නමුත් මිනිසුන් මෙම ආශිර්වාද නිතර භුක්ති විඳින බැවින් ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවෙයි.

• سفه عقول المشركين حين يدعون أصنامًا لا تسمع ولا تعقل.
•කිසිවක් නොඅසන කිසිවක් නොවැටහෙන පිළිමවලට ඇරයුම් කරන අවස්ථාවේ දේව ආදේශකයින්ගේ බුද්ධි හීනතාව.

• الافتقار إلى الله صفة لازمة للبشر، والغنى صفة كمال لله.
•අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පසු වීම මිනිසාට අනිවාර්යය වූ ගුණාංගයකි. අවශ්යතාවෙන් තොර වීම අල්ලාහ්ගේ පූර්ණ ගුණාංගය වේ.

• تزكية النفس عائدة إلى العبد؛ فهو يحفظها إن شاء أو يضيعها.
•චිත්තපාරිශුද්ධිය ගැත්තා වෙතම නැවත හැරී එයි. ඔහු අභිමත කළේනම් එය ආරක්ෂා කරයි. එසේ නැතහොත් එය විනාශ කරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ፋጢር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት