Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አሕዛብ   አንቀጽ:
وَمَنْ یَّقْنُتْ مِنْكُنَّ لِلّٰهِ وَرَسُوْلِهٖ وَتَعْمَلْ صَالِحًا نُّؤْتِهَاۤ اَجْرَهَا مَرَّتَیْنِ ۙ— وَاَعْتَدْنَا لَهَا رِزْقًا كَرِیْمًا ۟
නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමෙහි අඛණ්ඩව නියැළී අල්ලාහ් අබිසය පිළි ගනු ලැබූ දැහැමි ක්රියාවන් සිදු කරන්නී ද සෙසු බිරියන්ට වඩා ඇයට ඒ හැර වෙනත් තිළිණ ගුණ කර පිරිනමමු. ඇය වෙනුවෙන් මතුලොවෙහි ගෞරවනීය කුසලක් සූදානම් කර ඇත්තෙමු. එය ස්වර්ග උයනයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰنِسَآءَ النَّبِیِّ لَسْتُنَّ كَاَحَدٍ مِّنَ النِّسَآءِ اِنِ اتَّقَیْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَیَطْمَعَ الَّذِیْ فِیْ قَلْبِهٖ مَرَضٌ وَّقُلْنَ قَوْلًا مَّعْرُوْفًا ۟ۚ
අහෝ නබි මුහම්මද්ගේ (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) බිරින්දෑවරුනි! ගෞරව මහිමයෙහි නුඹලා සෙසු කාන්තාවන් මෙන් නොවන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නෙහු නම්, එවිට නුඹලා නොවන වෙනත් කිසිවකු ලඟා කර නොගත් විශිෂ්ට නිලයක මහිමය හා ගෞරවය තුළ නුඹලා සිටින්නෙහුය. එහෙයින් නුඹලා පිටස්තර පිරිමින් සමග කතා කරන විට මෘදු හඬින් හෝ සිහින් හඬින් කතා නොකරනු. ඒ හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ කුහකත්වයේ රෝගය හා තහනම් කරන ලද ආශාවන් ඇති වනු ඇත. කුතුහලය දුරස් කරන කතාවෙන් කතා කරනු. එය විහිළුවකින් තොරව හා අවශ්යතාවේ තරමට විය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَرْنَ فِیْ بُیُوْتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِیَّةِ الْاُوْلٰی وَاَقِمْنَ الصَّلٰوةَ وَاٰتِیْنَ الزَّكٰوةَ وَاَطِعْنَ اللّٰهَ وَرَسُوْلَهٗ ؕ— اِنَّمَا یُرِیْدُ اللّٰهُ لِیُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَیْتِ وَیُطَهِّرَكُمْ تَطْهِیْرًا ۟ۚ
නුඹලාගේ නිවෙස් තුළම නුඹලා රැඳී සිටිනු. අවශ්යතාවකින් තොර ව ඉන් බැහැරට නොයනු. ඉස්ලාමයට පෙර අඥාන යුගයේ පිරිමින් ආකාර්ෂණය වන පරිදි කාන්තාවන් අලංකාරය ප්රදර්ශණය කළාක් මෙන් නුඹලාගේ අලංකාරය නුඹලා හෙළි නොකරනු. සලාතය පූර්ණ ව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. දේව දූතයාණන්ගේ බිරින්දෑවරුණි! එතුමාගේ නිවැසියනි! අල්ලාහ් ප්රිය කරනුයේ සැබැවින්ම නුඹලාගෙන් නපුර හා කිලිටි ඉවත් කොට මහඟු සාරධර්ම තුළින් නුඹලාගේ සිත් පළඳවා ඒවා පිරිසිදු කොට නුඹලාගේ පහත් ක්රියාවන් ඒවායින් හිස් කොට ඉන් පසු කිසිදු පාපයක් නොවන තරමට ඒවා පිරිසිදු කිරීමටය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاذْكُرْنَ مَا یُتْلٰی فِیْ بُیُوْتِكُنَّ مِنْ اٰیٰتِ اللّٰهِ وَالْحِكْمَةِ ؕ— اِنَّ اللّٰهَ كَانَ لَطِیْفًا خَبِیْرًا ۟۠
අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කරන ලද ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන්ගේ පිවිතුරු චරිතයෙන් නුඹලාගේ නිවෙස්වල කියවනු ලබන දෑ ගැන මෙනෙහි කරනු. ඔහුගේ නබිවරයාගේ නිවෙස්වල නුඹලා ව පදිංචි කරවමින් නුඹලා ට ආශිර්වාද කළ අවස්ථාවේ සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මෛත්රිය දැක්වීය. එමෙන්ම නුඹලා ව ඔහුගේ දූතයාණන්ගේ බිරියන් ලෙසත් ඔහුගේ සමූහයා අතර සිටින දේව විශ්වාසී ජනයාට මව්වරුන් ලෙසත් නුඹලා ව තෝරාගත් අවස්ථාවේ නුඹලා ගැන තොරතුරු ඔහු මැනවින් දැන සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الْمُسْلِمِیْنَ وَالْمُسْلِمٰتِ وَالْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ وَالْقٰنِتِیْنَ وَالْقٰنِتٰتِ وَالصّٰدِقِیْنَ وَالصّٰدِقٰتِ وَالصّٰبِرِیْنَ وَالصّٰبِرٰتِ وَالْخٰشِعِیْنَ وَالْخٰشِعٰتِ وَالْمُتَصَدِّقِیْنَ وَالْمُتَصَدِّقٰتِ وَالصَّآىِٕمِیْنَ وَالصّٰٓىِٕمٰتِ وَالْحٰفِظِیْنَ فُرُوْجَهُمْ وَالْحٰفِظٰتِ وَالذّٰكِرِیْنَ اللّٰهَ كَثِیْرًا وَّالذّٰكِرٰتِ ۙ— اَعَدَّ اللّٰهُ لَهُمْ مَّغْفِرَةً وَّاَجْرًا عَظِیْمًا ۟
අල්ලාහ්ට අවනත වී ඔහුට යටහත් වන්නන් හා යටහත් වන්නියන් ද අල්ලාහ් සත්යය බව විශ්වාස කරන්නන් හා එසේ විශ්වාස කරන්නියන් ද අල්ලාහ්ට අවනත වන්නන් හා අවනත වන්නියන් ද තම විශ්වාසය හා තම ප්රකාශයන් තුළ සත්යවාදීන් හා සත්යවාදිනියන් ද අවනත වීම, පාපකම්වලින් දුරස්වීම හා පරීක්ෂණ මත ඉවසීම යනාදී කරුණුවල ඉවසලිවන්තව කටයුතු කරන්නන් හා ඉවසිලිවන්තව කටයුතු කරන්නියන් ද අනිවාර්යය වගකීම්වල මෙන්ම අතිරේක කටයුතුවලදී තම ධනය දානය කරන්නන් හා දානය කරන්නියන් ද අනිවාර්යය හා අතිරේක උපවසායන්හි අල්ලාහ් වෙනුවෙන් උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන් දෙස බැල්ම හෙළීමට අනුමැතිය නැති උදවිය ඉදිරියේ තම රහස්ය පෙදෙස් නිරාවරණය නොකර ආවරණය කරමින් හා කාමයේ වරදවා හැසිරීමෙන් දුරස්වී රහස්ය පෙදෙස් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද තමන්ගේ දිවවල්වලින් හා හදවත්වලින් අල්ලාහ්ව අධික ලෙස රහසෙහි හා ප්රසිද්ධියේ මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වනාහි, ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ් ඔවුනට ඔහුගෙන් වූ පාපක්ෂමාවක් සූදානම් කර ඇත. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් කුසලක් ද ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇත. එය ස්වර්ග උයනයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من توجيهات القرآن للمرأة المسلمة: النهي عن الخضوع بالقول، والأمر بالمكث في البيوت إلا لحاجة، والنهي عن التبرج.
•බැගෑපත් හඬින් සිහින් ව කතා කිරීමෙන් වැළකීම. අවශ්යවාවක් වූ විට හැර සෙසු අවස්ථාවන්වල නිවෙස්වල රැඳී සිටීමට නියෝගය හා ආකර්ෂණය ඇති වන අයුරින් අලංකාර වීමෙන් වැළකීම යනාදිය මුස්ලිම් කාන්තාව වෙනුවෙන් වූ අල් කුර්ආනයේ සඳහන් මග පෙන්වීම් වල ඇතුළත් වේ.

• فضل أهل بيت رسول الله صلى الله عليه وسلم، وأزواجُه من أهل بيته.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ නිවැසියන් සතු මහිමය හා එතුමාණන්ගේ නිවැසියන් අතරින් එතුමාගේ බිරින්දෑවරුන්ගේ මහිමය.

• مبدأ التساوي بين الرجال والنساء قائم في العمل والجزاء إلا ما استثناه الشرع لكل منهما.
•පුරුෂයා හා කාන්තාව යන සෑම පාර්ෂවයක් වෙනුවෙන්ම ෂරීආව වෙන් කළ දෑ හැර ආගමික කටයුතු හා ප්රතිඵල ප්රතිවිපාක ක්රියාත්මක කිරීමේදී ඔවුන් අතර සමානාත්මතාව පැවතීම මූලික පදනමය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አሕዛብ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት