Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (153) ምዕራፍ: ኣሊ-ኢምራን
اِذْ تُصْعِدُوْنَ وَلَا تَلْوٗنَ عَلٰۤی اَحَدٍ وَّالرَّسُوْلُ یَدْعُوْكُمْ فِیْۤ اُخْرٰىكُمْ فَاَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِّكَیْلَا تَحْزَنُوْا عَلٰی مَا فَاتَكُمْ وَلَا مَاۤ اَصَابَكُمْ ؕ— وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලා දූතයාණන්හට විරුද්ධ වීම හේතුවෙන් නුඹලාට අත් වූ ව්යසනය නිසාවෙන් මහපොළොවෙන් ඈතට නුඹලා පලා ගිය අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා අතුරින් කිසිවෙක් කිසිවකු පිළිබඳ සොයා නොබැලුවේය. රසූල්වරයාණන් නුඹලා හා දේව ආදේශකයින් අතර සිට නුඹලාගේ පසුපසින් නුඹලාට මෙසේ පවසා ඇරයුම් කළේය: “අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුදමය භාණ්ඩ හේතුවෙන් නුඹලා දරන පීඩාව හා වේදනාව සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.” වේදනාව හා පීඩාව ඔහු පසුපස හඹා ආවේය. නුඹලා අතර නබි තුමාණන් මියගිය බවට ආරංචිය පැතිර ගියේය. නබි තුමාණන් ඝාතනය කරනු නොලැබුවේ යැයි නුඹලා දැනගත් පසු නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුධමය භාණ්ඩ පිළිබඳවත් නුඹලාට අත් වූ ඝාතන හා තුවාල පිළිබඳවත් නුඹලා දුක් නොවනු පිණිස නුඹලාට මෙය පහළ කළේය. සියලුම විපත් හා වේදනාවන් නුඹලාට පහසු විය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ සිත් තුළ ඇති සියලුම තත්ත්වයන් හා නුඹලාගේ අවයව වලින් සිදු කරන ක්රියාවන් අල්ලාහ්ට සැගවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التحذير من طاعة الكفار والسير في أهوائهم، فعاقبة ذلك الخسران في الدنيا والآخرة.
•දෙවියන් ප්රතික්ෂේප කරන අත්තනෝමතික ජනයාට අවනත වීමෙන් හා ඔවුන්ගේ ආශාවන් මත හඹා යෑමෙන් ප්රවේශම් වීම. එවන් තත්ත්වයක අවසන් ප්රතිඵල වනුයේ මෙලොව හා මතු ලොව පරාජය අත්වීමය.

• إلقاء الرعب في قلوب أعداء الله صورةٌ من صور نصر الله لأوليائه المؤمنين.
•අල්ලාහ්ගේ සතුරන්ගේ සිත් තුළ බිය ඇති කිරීම ඔහු ව විශ්වාස කරන ඔහුට සමීපවූවන් සඳහා අල්ලාහ් පිරිනමන ඔහුගේ උදව් ස්වරූපයන්ගෙන් එක් ස්වරූපයකි.

• من أعظم أسباب الهزيمة في المعركة التعلق بالدنيا والطمع في مغانمها، ومخالفة أمر قائد الجيش.
•ලෞකික බැඳියාව යුද පිටියේ සතුරන් විසින් දමා යන වස්තු කෙරෙහි ඇති තණ්හාව සේනාධිපතිගේ නියෝගයට විරුද්ධ වීම යනාදිය සංග්රාමයක දී පරාජයට තුඩු දෙන දැවැන්ත හේතු කාරණා වෙයි.

• من دلائل فضل الصحابة أن الله يعقب بالمغفرة بعد ذكر خطئهم.
•ඔවුන්ගේ වරද මෙනෙහි කිරීමෙන් පසු අවසානයේ අල්ලාහ් ඔවුනට සමාව පිරිනැමීම සහායකයින්ගේ මහිමය පෙන්වාදෙන සාධකයකි.

 
የይዘት ትርጉም አንቀጽ: (153) ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት