Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (258) ምዕራፍ: አል-በቀራህ
اَلَمْ تَرَ اِلَی الَّذِیْ حَآجَّ اِبْرٰهٖمَ فِیْ رَبِّهٖۤ اَنْ اٰتٰىهُ اللّٰهُ الْمُلْكَ ۘ— اِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّیَ الَّذِیْ یُحْیٖ وَیُمِیْتُ ۙ— قَالَ اَنَا اُحْیٖ وَاُمِیْتُ ؕ— قَالَ اِبْرٰهٖمُ فَاِنَّ اللّٰهَ یَاْتِیْ بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَاْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِیْ كَفَرَ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۚ
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ පරමාධිපත්යය හා ඔහුගේ ඒකීයභාවය පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග තර්ක කළ දුෂ්ට පාලකයාගේ අපරාධයේ තරම හා පුදුමය නුඹ දුටුවේද? එසේ ඔහු ඒ තත්ත්වයට පත් වූයේ අල්ලාහ් ඔහුට රාජ්ය බලය පිරිනැමුවායින් පසු ඔහු සීමාව ඉක්මවා ගිය බැවිණි. අල්ලාහ්ගේ ගුණාංග පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු දෙස බලා: ‘මාගේ පරමාධිපතියාණන් සියලු මැවීම් වලට ජීවය දෙයි. මරණයට පත් කරයි” යනුවෙන් පැහැදිලි කළේය. එවිට දුෂ්ටයා හිතුවක්කාර ලෙසින්: ‘මම ද ජීවය දෙමි. එමෙන්ම මරණයට පත් කරමි. මම කැමති අය ව ඝාතනය කරමි. මම කැමති අය ව අතහැර දමමි.’ යැයි පැවසීය. එවිට ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු වෙත තවත් සාධකයක් ගෙන ආවේය. එතුමා ඔහුට: ‘මම නමදින මාගේ පරමාධිපති හිරු නැගෙනහිර දෙසින් උදා කරන්නේය. ඔබ එය බටහිර දෙසින් ගෙන එනු' යැයි පවසා සිටියේය. එවිට ඔහු වික්ෂිප්ත වී නිහඬ වීම හැර වෙනත් කිසිවක් කරකියාගත නොහැකි විය. සාධකයේ බලවත්කම ඔහු අබිබවා ගියේය. අල්ලාහ් අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධකම් හා දුෂ්ටකම් හේතුවෙන් ඔහුගේ මාර්ගයේ ගමන් කරන්නට ආශිර්වාද නොකරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعظم ما يميز أهل الإيمان أنهم على هدى وبصيرة من الله تعالى في كل شؤونهم الدينية والدنيوية، بخلاف أهل الكفر.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ප්රතිවිරුද්ධ ව දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නන් වෙන්කර දක්වන වැදගත්ම කරුණ වනුයේ, සැබැවින්ම ඔවුන් මෙලොව හා මතු ලොව යන ඔවුන්ගේ සියලු කටයුතු වලදී අල්ලාහ්ගෙන් වූ යහමග හා පැහැදිලි සාධක මත පිහිටා සිටීමය.

• من أعظم أسباب الطغيان الغرور بالقوة والسلطان حتى يعمى المرء عن حقيقة حاله.
•දුෂ්ට හා සීමාව ඉක්මවා කෙරෙන කටයුතු වලට බලපාන බලවත් සාධක වනුයේ තමන්ගේ යථාර්ථය පිළිබඳ අන්ධානුභාවයෙන් තම බලය හා අධිකාරිය පදනම් කොටගෙන තමන්වම රවටාගෙන සිටීමය.

• مشروعية مناظرة أهل الباطل لبيان الحق، وكشف ضلالهم عن الهدى.
•සත්යය පැහැදිලි කිරීමටත් යහමගින් ඈත් ව ඔවුන් වෙළී සිටින මුළාව ඔවුන්ගෙන් නිරාවරණය කිරීමටත් අසත්යවාදීන්හට ඉදිරිපත් කෙරෙන දර්ශනයක වැඩපිළිවෙළ.

• عظم قدرة الله تعالى؛ فلا يُعْجِزُهُ شيء، ومن ذلك إحياء الموتى.
•අල්ලාහ්ගේ බල මහිමය නිරූපණය කිරීම. කිසිවක් ඔහු පරාජය කළ නොහැක. මියගිය ඇත්තන්හට ජීවය ලබා දීමද ඒවායින් එකකි.

 
የይዘት ትርጉም አንቀጽ: (258) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት