Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (164) ምዕራፍ: አል-በቀራህ
اِنَّ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِیْ تَجْرِیْ فِی الْبَحْرِ بِمَا یَنْفَعُ النَّاسَ وَمَاۤ اَنْزَلَ اللّٰهُ مِنَ السَّمَآءِ مِنْ مَّآءٍ فَاَحْیَا بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِیْهَا مِنْ كُلِّ دَآبَّةٍ ۪— وَّتَصْرِیْفِ الرِّیٰحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَیْنَ السَّمَآءِ وَالْاَرْضِ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟
අහස් හා මහපොළොව මැවීමෙහිද ඒ දෙක අතර පවතින දෑහි ද ප්රාතිහාර්යමත් මැවීම් බොහෝමයක් දක්නට ඇත. රාත්රිය හා දහවල එකිනෙක පසුපසින් යෑමෙහි ද ආහාර ඇඳුම් පැලඳුම් හා ව්යාපාරික භාණ්ඩ මෙන්ම මිනිසාට අවශ්ය කරන වෙනත් භාණ්ඩ පටවාගෙන මුහුදු ජලයෙහි යාත්රා කරන නැව්හිද අල්ලාහ් අහසින් ජලය පතිත කරවා එමගින් මහපොළොවෙහි ගොයම් පැළෑටි සහ ගහ කොළ හට ගන්නට සලස්වා එය ප්රාණවත් කිරීමෙහිද එහි ව්යාප්ත ව දැකිය හැකි ජීවරාශීන්හිද දිශාවෙන් දිශාවට හමන සුළගෙහිද අහස හා පොළව අතර එල්ලී පවතින වලාවන්හිද ප්රාතිහාර්යයන් බොහෝමයක් දැකිය හැක. සැබැවින්ම විද්යාමානව පවතින කරුණු වටහා ගන්නා සාක්ෂි හා සාධක අවබෝධ කර ගන්නා ජනයාට අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන පැහැදිලි සාක්ෂි හා සාධක ප්රමාණවත් තරමට මේවායෙහි ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المؤمنون بالله حقًّا هم أعظم الخلق محبة لله؛ لأنهم يطيعونه على كل حال في السراء والضراء، ولا يشركون معه أحدًا.
•අවංකව අල්ලාහ් ව පමණක් විශ්වාස කරන්නන් වන ඔවුහුමය, අල්ලාහ්ට වඩාත් ප්රියමනාප මැවීම වනුයේ. ඔවුහු සතුටේදී හා දුකේදී යන සෑම තත්ත්වයකම ඔහුට අවනත වෙති. ඒ කිසිවිටෙක කිසිදු ආදේශයක් ඔහුට නොකරති.

• في يوم القيامة تنقطع كل الروابط، ويَبْرَأُ كل خليل من خليله، ولا يبقى إلا ما كان خالصًا لله تعالى.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු සම්බන්ධකම් බිඳ වැටෙනු ඇත. සෑම මිතුරෙකුම තම මිතුරාගෙන් ඉවත් ව යයි. අල්ලාහ්ට අවංකව ඉටු කළ දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි නොවෙයි.

• التحذير من كيد الشيطان لتنوع أساليبه وخفائها وقربها من مشتهيات النفس.
•ආත්ම ආශාවන් හරහා විවිධ වැරදි ක්රියාමාර්ග සිදු කිරීමටත් ඒවා සඟවා ඒ වෙත සමීපකම් ඇති කිරීමටත් මාන බලන ෂෙයිතාන්ගේ කුමන්ත්රණ ගැන ප්රවේශම් වීම.

 
የይዘት ትርጉም አንቀጽ: (164) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት