Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (30) ምዕራፍ: አር-ረዕድ
كَذٰلِكَ اَرْسَلْنٰكَ فِیْۤ اُمَّةٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهَاۤ اُمَمٌ لِّتَتْلُوَاۡ عَلَیْهِمُ الَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ وَهُمْ یَكْفُرُوْنَ بِالرَّحْمٰنِ ؕ— قُلْ هُوَ رَبِّیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— عَلَیْهِ تَوَكَّلْتُ وَاِلَیْهِ مَتَابِ ۟
තම සමූහයා වෙත දැනුම් දෙන මෙන් පෙර සිටි දහම් දූතයින් වෙත කවර පණිවිඩයක් අපි එව්වෙමු ද අහෝ දූතය! එම පණිවිඩයම ඔබේ සමූහයා වෙත දැනුම් දෙන මෙන් අපි ඔබට එය එවා ඇත්තෙමු. එය අපි ඔබට දැනුම් දුන් අල් කුර්ආනය ඔවුනට පාරායනය කර පෙන්වීම සඳහාය. ඔබේ සත්යභාවය තහවුරු කිරීමට එය ප්රමාණවත්ය. නමුත් එම පාඨ හෙළා දැකීම ඔබේ සමූහයාගේ ස්ථාවරය වී ඇත. එය ඔවුන් කාරුණිකයාණන් සමග වෙනත් අය ආදේශ කරමින් ඔහු ව ප්රතික්ෂේප කරන බැවිණි. "අහෝ දූතය! නුඹලා ආදේශ කරන මහා කාරුණිකයාණන් මාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත විශ්වාසය තබමි. මාගේ පසුතැවිලිවීම ද ඔහු කෙරෙහිම වන්නේය." යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الأصل في كل كتاب منزل أنه جاء للهداية، وليس لاستنزال الآيات، فذاك أمر لله تعالى يقدره متى شاء وكيف شاء.
•සැබැවින්ම පහළ කරන ලද සෑම දිව්යමය පුස්තකයම මූලය වනුයේ එය යහමග පෙන්වීම සඳහා පැමිණි තිබීම මිස සංඥාවන් පහළ කිරීමේ පදනමින් නොවේ. එය අල්ලාහ් සතු කටයුත්තකි. ඔහු අභිමත කරන මොහොතක අභිමත කරන ක්රමයට නියාමනය කරනු ඇත.

• تسلية الله تعالى للنبي صلى الله عليه وسلم، وإحاطته علمًا أن ما يسلكه معه المشركون من طرق التكذيب، واجهه أنبياء سابقون.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අල්ලාහ් සැනසීම. එය දේවත්වය ආදේශ කරන්නන් එතුමා ව විවිධ මාධ්යයන් ඔස්සේ බොරු කරමින් කටයුතු කිරීම එතුමා පමණක් නොව, එතුමාට පෙර විසූ නබිවරුන් ද මුහුණ දුන් කරුණක් බව දැනුවත් කිරීම තුළිනි.

• يصل الشيطان في إضلال بعض العباد إلى أن يزين لهم ما يعملونه من المعاصي والإفساد.
•ෂෙයිතාන් ඇතැම් ගැත්තන් නොමග යැවීමේ දී ඔවුන් සිදු කරන පාපකම් හා ප්රචණ්ඩත්වයන් ඔවුනට අලංකාර කර පෙන්වා දෙයි.

 
የይዘት ትርጉም አንቀጽ: (30) ምዕራፍ: አር-ረዕድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት