Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ዩሱፍ   አንቀጽ:
وَمَا تَسْـَٔلُهُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ؕ— اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟۠
මේ බව ඔවුන් වටහා ගත්තේ නම් ඔවුහු ඔබව විශ්වාස කරනු ඇත. ඊට හේතුව අහෝ දූතය! අල් කුර්ආනය වෙනුවෙන් හා ඒ වෙත ඔබ ඔවුන් ඇරයුම් කිරීම වෙනුවෙන් කිසිදු තිළිණයක් ඔබ ඉල්ලා නොසිටි බැවිණි. අල් කුර්ආනය සමස්ත මිනිස් වර්ගයාටම මෙනෙහි කිරීමක් මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَاَیِّنْ مِّنْ اٰیَةٍ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ یَمُرُّوْنَ عَلَیْهَا وَهُمْ عَنْهَا مُعْرِضُوْنَ ۟
අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක බොහෝමයක් අහස්හි හා මහපොළොවේ ස්ථාපිත ව ඇත. ඔවුහු ඒ ගැන කල්පනාවෙන් තොර ව ඒ මත ගමන් කරති. ඒ ගැන සැලකිලිමත් වීමට ප්රතික්ෂේප කරති. ඒ දෙස හැරී නොබලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یُؤْمِنُ اَكْثَرُهُمْ بِاللّٰهِ اِلَّا وَهُمْ مُّشْرِكُوْنَ ۟
සැබැවින්ම මැවුම්කරු, පෝෂක මෙන්ම ජීවත් කරවන්නා හා මරණයට පත් කරවන්නා අල්ලාහ් බව ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති. නමුත් ඔවුහු එසේ තිබිය දී ඔහු නොවන දෑ ඔහු සමග හවුල් කරමින් ගල් හා පිළිමවලට වන්දනාමාන කරති. සුවිශුද්ධ ඔහුට දරුවකු ඇති බව වාද කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَاَمِنُوْۤا اَنْ تَاْتِیَهُمْ غَاشِیَةٌ مِّنْ عَذَابِ اللّٰهِ اَوْ تَاْتِیَهُمُ السَّاعَةُ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟
ඔවුන් වෙළා ගන්නා හා ආවරණය කරන දඬුවමක් මෙලොවෙහි ඔවුනට පැමිණීම ගැන මෙම ආදේශකයින් සුරක්ෂිත ද? එය වැළැක්වීමට ඔවුහු ශක්තිය නොදරති. එසේ නැතිනම් නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එය පැමිණීමෙන් ඔවුහු දැහැමි ලෙස කටයුතු නොකරති. ඒ සඳහා ඔවුහු සූදානම් ද නැත. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هٰذِهٖ سَبِیْلِیْۤ اَدْعُوْۤا اِلَی اللّٰهِ ؔ۫— عَلٰی بَصِیْرَةٍ اَنَا وَمَنِ اتَّبَعَنِیْ ؕ— وَسُبْحٰنَ اللّٰهِ وَمَاۤ اَنَا مِنَ الْمُشْرِكِیْنَ ۟
අහෝ දූතය! ඒ ගැන වාද කරන්නන්හට නුඹ මෙසේ පවසනු. "මා ජනයා ඇරයුම් කර සිටින මාගේ මාර්ගය මෙයයි. මා පැහැදිලි සාධක මත පදනම්ව ඒ වෙත ඇරයුම් කරමි. මා අනුගමනය කරන්නන් ද ඒ වෙත ඇරයුම් කරනු ලබති. මාගේ මගපෙන්වීමෙන් මග ලබති, මාගේ චර්යාවෙන් ආදර්ශයන් ලබති. අල්ලාහ්ගේ කීර්තියට නොගැළපෙන, ඔහුගේ පූර්ණභාවයට විරුද්ධ කරුණු ඔහු වෙත සම්බන්ධ කරනු ලැබීමෙන් ඔහු සුවිශුද්ධය. මම අල්ලාහ්ට ආදේශ කරන්නන් අතරින් නොවෙමි. සුවිශුද්ධ ඔහුට පමණක් ඒකීයත්වය පුදන්නන් අතරින් මම ද කෙනෙකු වෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ اِلَّا رِجَالًا نُّوْحِیْۤ اِلَیْهِمْ مِّنْ اَهْلِ الْقُرٰی ؕ— اَفَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— وَلَدَارُ الْاٰخِرَةِ خَیْرٌ لِّلَّذِیْنَ اتَّقَوْا ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
අහෝ දූතය! නුඹට පෙර මානව වර්ගයා අතරින් පිරිමි පාර්ශවය මිස වෙන කිසිවකු ධර්ම දූත මෙහෙය සඳහා අපි නොඑව්වෙමු. ඒ සඳහා මලක්වරුන් පවා නොඑව්වෙමු. අප නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියාක් මෙන්ම ඔවුනට ද අපි දේව පණිවිඩ දන්වා සිටියෙමු. එය නගරවාසීන් වෙතය. ගම්වාසීන් වෙත නොවීය. නමුත් ඔවුන්ගේ සමූහයා ඔවුන් බොරු කළෝය. එහෙයින් අපි එම නගර විනාශ කළෙමු. එහෙයින් ඔබ ව බොරු කරන්නන් එම දේශයන් අතර සැරිසරා ඔවුනට පෙර සිටි නබිවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කර බලා පාඩම් ලැබිය යුතු නොවේ ද? අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන්නන්හට මතුලොවෙහි ඇති සුවපහසුකම් මෙලොව ඇති දෑට වඩා උතුම්ය. එය ශ්රේෂ්ට බව නුඹලා වටහා ගෙන අල්ලාහ් නියෝග කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කළ යුතු නොවේද? අල්ලාහ් නියෝග කළ දැයින් අතිමහත් වන්නේ දේව විශ්වාසයයි. ඔහු තහනම් කළ දැයින් බරපතළ වන්නේ ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا اسْتَیْـَٔسَ الرُّسُلُ وَظَنُّوْۤا اَنَّهُمْ قَدْ كُذِبُوْا جَآءَهُمْ نَصْرُنَا ۙ— فَنُجِّیَ مَنْ نَّشَآءُ ؕ— وَلَا یُرَدُّ بَاْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِیْنَ ۟
අපි එවූ දූතරවරු මොවුන්ය. ඔවුන්ගේ සතුරන්ට අපි අවකාශය දුනිමු. එකවර ඔවුනට දඬුවම ඉක්මන් නොකළෙමු. ඔවුන්ගේ දඬුවම ප්රමාද කර පියවරෙන් පියවර ඔවුන් හසු කළෙමු. ඔවුන්ගේ විනාශය හේතුවෙන් දූතවරු ආයාසයට පත් විය. බොරු කරන්නන්හට කවර දඬුවමක් ඇත්තේ දැයි ද දේව විශ්වාසීන් හට කවර ජයග්රහණයක් ඇත්තේ දැය ද වාද කරමින් සිටි ඔවුන්ගේ දූතවරු ඔවුනට බොරු පවසා ඇතැයි දේව ප්රතික්ෂක ජනයා සිතුවෝය. අපගේ උපකාරය අපගේ දූතවරුන් වෙත පැමිණියේය. බොරු කරන්නන්හට සිදු වූ විනාශයෙන් එම රසූල්වරයා හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. අපරාධකාර ජනයාට අපි දඬුවමක් පහළ කරන මොහොතේ අපගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට කිසිවකු සමත් වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ كَانَ فِیْ قَصَصِهِمْ عِبْرَةٌ لِّاُولِی الْاَلْبَابِ ؕ— مَا كَانَ حَدِیْثًا یُّفْتَرٰی وَلٰكِنْ تَصْدِیْقَ الَّذِیْ بَیْنَ یَدَیْهِ وَتَفْصِیْلَ كُلِّ شَیْءٍ وَّهُدًی وَّرَحْمَةً لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠
දූතවරුන්ගේ කථා වස්තුවලද ඔවුන්ගේ සමූහයන් පිළිබඳ කථා වස්තුවලද යූසුෆ් හා ඔහුගේ සහෝදරයින්ගේ කතා වස්තුවලද එමගින් උපදෙස් ලබන මනා බුද්ධියක් ඇත්තන් හට උපදෙසක් ඇත. ඒ පිළිබඳ අල් කුර්ආනයේ අන්තර්ගතව ඇති දෑ අල්ලාහ් කෙරෙහි ගොතන ලද බොරු කතාවක් නොවේ. නමුත් අල්ලාහ් වෙතින් පහළ කරන ලද දිව්යමය පුස්තක තහවුරු කරන්නක් විය. නීති හා ආගමික කටයුතු පැහිදිලි කිරීමට අවශ්ය සියලු දෑ විස්තර කරන්නක් විය. සියලු යහපත් දෑ වෙත මගපෙන්වීමක් විය. ඔහු ව විශ්වාස කරන ජනයාට ආශිර්වාදයක් ද විය. ඔවුහු එහි ඇති දැයින් ප්රයෝජන ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الداعية لا يملك تصريف قلوب العباد وحملها على الطاعات، وأن أكثر الخلق ليسوا من أهل الهداية.
•සැබැවින්ම යහමගට ඇරයුම් කරන්නා ගැත්තන්ගේ හදවත් වෙනස් කිරීමට හෝ ඒවා අවනත වීමට සැලැස්වීමට හෝ කිසිදු අයිතියක් නැත. මැවීම් අතරින් බොහෝ දෙනා යහ මග ලබන්නන් නොවෙති.

• ذم المعرضين عن آيات الله الكونية ودلائل توحيده المبثوثة في صفحات الكون.
•අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරන පරිදි විශ්වය තුළ ස්ථාපිත අල්ලාහ්ගේ භෞතික සාධක හා සාක්ෂි පිටු දකින්නන්හට හිමි අවමානය.

• شملت هذه الآية ﴿ قُل هَذِهِ سَبِيلِي...﴾ ذكر بعض أركان الدعوة، ومنها: أ- وجود منهج:﴿ أَدعُواْ إِلَى اللهِ ﴾. ب - ويقوم المنهج على العلم: ﴿ عَلَى بَصِيرَةٍ﴾. ج - وجود داعية: ﴿ أَدعُواْ ﴾ ﴿أَنَا﴾. د - وجود مَدْعُوِّين: ﴿ وَمَنِ اتَّبَعَنِي ﴾.
•‘කුල් හාදිහි සබීලි’ -මෙය මාගේ මාර්ගයයි...- යන පාඨයේ ප්රචාරය කිරීම සඳහා අවශ්ය ඇතැම් මූලධර්ම පැහැදිලි කර ඇත. (අ) ප්රචාරක විෂය ‘අද්ඌ ඉලල්ලාහි’ -අල්ලාහ් වෙත ඇරයුම් කරමි. (ආ) එම ප්රචාරක විෂය දැනුම මත පදනම් වීම ‘අලා බසීරතින්’ -පැහැදිලි සාධක මත- (ඇ) ප්රචාරකයකු සිටීම ‘අද්ඌ’ -ඇරයුම් කරමි.- ‘අන’ -මම-, (ඈ) ප්රචාරය කරනු ලබන්නන් සිටීම ‘වමනිත් තබඅනී’ -මා අනුගමනය කළවුන්-.

 
የይዘት ትርጉም ምዕራፍ: ዩሱፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት