Check out the new design

የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማውጫ


የመልዕክት ትርጉም ሱራ (ምዕራፍ): ዩኑስ   አንቀፅ:

යූනුස්

ከሱራዋ ጥቅል ሀሳብ መካከል:
تقرير النبوة بالأدلة، ودعوة المكذبين للإيمان مع تهديدهم بالعذاب.
සාක්ෂි හා සාධක සමග දූත පණිවිඩය වාර්තාකරණය, දඬුවම් පිළිබඳ බිය ගන්වමින් බොරු කරන්නන් දේව විශ්වාසය වෙත ඇරයුම් කිරීම.

الٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْحَكِیْمِ ۟
(අලිෆ්, ලාම්, රා) සූරාවක ආරම්භයේ පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. මෙම සූරාවෙහි කියවනු ලබන පාඨ ප්රඥාව හා නීතී ඇතුළත් නීතිමය ව්යූහයෙන් යුත් පාඨ වෙති.
ዓረብኛ ተፍሲሮች:
اَكَانَ لِلنَّاسِ عَجَبًا اَنْ اَوْحَیْنَاۤ اِلٰی رَجُلٍ مِّنْهُمْ اَنْ اَنْذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِیْنَ اٰمَنُوْۤا اَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ ؔؕ— قَالَ الْكٰفِرُوْنَ اِنَّ هٰذَا لَسٰحِرٌ مُّبِیْنٌ ۟
අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන මෙන් අණ කරමින් මිනිස් වර්ගයා අතරින්ම වූ මිනිසෙකු වෙත දිව්යමය පණිවිඩ අපි පහළ කර තිබීම ඔවුන් මවිතයට පත් වන කරුණක් වීද? අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස කළවුනට ඔවුන් සතුටු වන පරිදි ඔවුන් කල් ඇතිව සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල වශයෙන් උසස් නිලයක් ඔවුන්ගේ පරමාධිපති අසළ ඇති බව දන්වා සිටිනු. දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙම පාඨය ගෙන ආ මෙම පුද්ගලයා පැහැදිලි ව හූනියම් කරුවෙකි යැයි පවසා සිටියෝය.
ዓረብኛ ተፍሲሮች:
اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ یُدَبِّرُ الْاَمْرَ ؕ— مَا مِنْ شَفِیْعٍ اِلَّا مِنْ بَعْدِ اِذْنِهٖ ؕ— ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
අහෝ එසේ පුදුමයට පත් වන්නනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දින හයකින් අති විශාලව පවතින අහස් හා පුළුල් ව විහිදී පවතින මහපොළොව මවා පසුව අර්ෂ් හෙවත් දේව රාජධානිය ඉහළට නැග ස්ථාපිත විය. නුඹලාගේම වර්ගයාගෙන් වූ මිනිසෙකු වෙත එය පහළ කිරීම ගැන නුඹලා පුදුමයට පත් වනුයේ කෙසේද? ඔහුගේ විශාල අධිරාජ්යය තුළ සියල්ල සැලසුම් කර තීන්දු කරනුයේ ඔහු තනිවමය. මැදිහත් වන්නෙකුට ඔහු අවසර දීමෙන් හා ඔහු ව පිළිගැනීමෙන් පසුව මිස කිසිදු කටයුත්තක දී ඔහු ඉදිරියේ මැදිහත් වන්නට කිසිවෙකු නැත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහු නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එහෙයින් ඔහුට පමණක් අවංක ලෙස නුඹලා ගැතිකම් කරනු. මේ සියලු සාධක හා සාක්ෂි තුළින් නුඹලා ඔහුගේ ඒකීයත්වය ගැන උපදෙස් ලැබිය යුතු නොවේ ද? කවරෙකු අවම වශයෙන් හෝ උපදෙස් ලබන්නේද ඔහු එය දැන ඔහු ගැන විශ්වාසය තබනු ඇත.
ዓረብኛ ተፍሲሮች:
اِلَیْهِ مَرْجِعُكُمْ جَمِیْعًا ؕ— وَعْدَ اللّٰهِ حَقًّا ؕ— اِنَّهٗ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ لِیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ بِالْقِسْطِ ؕ— وَالَّذِیْنَ كَفَرُوْا لَهُمْ شَرَابٌ مِّنْ حَمِیْمٍ وَّعَذَابٌ اَلِیْمٌ بِمَا كَانُوْا یَكْفُرُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි. එය නුඹලාගේ ක්රියාවන්ට ප්රතිඵල පිරිනැමීම සඳහාය. මේ ගැන අල්ලාහ් සැබෑ ලෙසින්ම ජනයාට ප්රතිඥා දී ඇත. ඔහු එය කඩ නොකරයි. සැබැවින්ම ඔහු ඒ සඳහා බලය ඇත්තාය. පෙර නිදසුනකින් තොරව සියලු මැවීම් ආරම්භයේම හට ගැන්වූයේ ඔහුය. පසුව මිය ගිය පසු ඔහු ඔහු ව යළි කැඳවා ගනු ඇත. එය දෙවියන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ අයට සාධාරණ ව ප්රතිඵල පිරිනමනු පිණිසය. ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් ඔහු අඩු කරන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ නපුරු ක්රියාවන් අතර කිසිවක් වැඩි කරන්නේ ද නැත. අල්ලාහ් හා ඔවුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුනට උපරිමයෙන් රත් කරනු ලැබූ ලෝ දිය පානය ඇත. ඔවුන්ගේ බඩවැල් එමගින් කැපී යයි. එමෙන්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුනට ඇත.
ዓረብኛ ተፍሲሮች:
هُوَ الَّذِیْ جَعَلَ الشَّمْسَ ضِیَآءً وَّالْقَمَرَ نُوْرًا وَّقَدَّرَهٗ مَنَازِلَ لِتَعْلَمُوْا عَدَدَ السِّنِیْنَ وَالْحِسَابَ ؕ— مَا خَلَقَ اللّٰهُ ذٰلِكَ اِلَّا بِالْحَقِّ ۚ— یُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
ආලෝකය නිපදවා එය විහිදුවාලන පරිදි ඔහු හිරු මවා ඇත්තේය. එමෙන්ම එමගින් ආලෝකය හට ගන්නා පරිදි සඳු ඇති කළේය. එහි ගමන් මාර්ගය අදියර විසි අටක් ඔහු සැලසුම් කළේය. එසේ සිදු කර ඇත්තේ සෑම දහවලක් හා රැයක් ගත වන කාල ප්රමාණයේ අදියරය නම් වේ. අහෝ ජනයිනි! දින ගණනය සඳහා සූර්යා ද මාස හා වර්ෂ ගණනය සඳහා සදු ද පිහිටුවා ඇති බව නුඹලා දැන ගනු පිණිසය. අහස්වල හා මහපොළොවේ ඇති කිසිවක් යුක්ති ධර්මතාවයකින් තොර ව අල්ලාහ් මවා නැත. එය ඔහුගේ බලය හා මහිමය මිනිසුනට නිරූපණය කරනු පිණිසය. මෙම පැහැදිළි සාක්ෂි හා අව්යාජ සාධක ඔහුගේ ඒකීයත්වය තහවුරු කිරීම සඳහා වූ සාක්ෂි වශයෙන් ගන්නා ඒ ගැන හඳුනන ජනයාට අල්ලාහ් පැහැදිළි කරන්නේය.
ዓረብኛ ተፍሲሮች:
اِنَّ فِی اخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللّٰهُ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَّقُوْنَ ۟
ගැත්තන් හට රාත්රිය හා දහවල එකිනෙකට පරව ගමන් කිරීම, ඒවාට අදාළ ව අන්ධකාරය හා ආලෝකය පිහිටා තීබීම, ඒ දෙකින් එකක කාලය විටෙක කෙටියෙන් ද විටෙක දීර්ඝ ව ද පිහිටීම, අහස් හා මහපොළොවෙහි පවතින සෙසු මැවීම් යනාදී සියල්ල අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන ජනයාට අල්ලාහ්ගේ ශක්තිය විදහා පාන සාක්ෂි හා සළකුණු වන්නේය.
ዓረብኛ ተፍሲሮች:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• إثبات نبوة النبي صلى الله عليه وسلم وأن إرساله أمر معقول لا عجب فيه .
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය නොහොත් වක්තෘභාවය තහවුරු කිරීම, සැබැවින්ම එසේ එතුමාණන්ව එවීම පුදුමයක් නොව බුද්ධිමය කටයුත්තක් බව අවධාරණය කිරීම.

• خلق السماوات والأرض ومن فيهما، وتدبير الأمر، وتقدير الأزمان واختلاف الليل والنهار كلها آيات عظيمة دالة على ألوهية الله سبحانه.
අහස් හා මහපොළොව මැවීම, ඒ දෙකෙහි ඇති දෑ නිර්මාණය කිරීම, කටයුතු සැළසුම් කිරීම, කාල වේලාවන් නිර්ණය කිරීම, රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව පැමිණීම යනාදී සියල්ල අල්ලාහ්ගේ දේවත්වය පෙන්වා දෙන අතිමහත් සංඥා වෙති.

• الشفاعة يوم القيامة لا تكون إلا لمن أذن له الله، ورضي قوله وفعله.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකු වෙනුවෙන් මැදිහත් වීමට අවසර ලැබෙනුයේ අල්ලාහ් අනුමත කළ හා ඔහුගේ ප්රකාශය හා ක්රියාව ගැන තෘප්තියට පත් වූ අයට පමණි.

• تقدير الله عز وجل لحركة الشمس ولمنازل القمر يساعد على ضبط التاريخ والأيام والسنين.
•හිරුගේ චලනය හා සඳුගේ අවධියන් අල්ලාහ් නිර්ණය කිරීම තුළින් දිනය, දවස හා වර්ෂ සටහන් කර ගැනීමට ප්රයෝජනවත් වන්නේය.

 
የመልዕክት ትርጉም ሱራ (ምዕራፍ): ዩኑስ
የሱራዎች ማውጫ ገፅ ቁጥር
 
የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማውጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

ለመዝጋት